IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


විඩියෝ ලක්ෂ 490 ක් ටික් ටොක් ජාලයෙන් ඉවතට

ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලයේ පළකර තිබූ විඩියෝ ලක්ෂ 490 පසුගිය වසරේ අවසන් මාස 6 තුළ ඉවත් කර තිබේ.

ඒ අනුව ඉවත් කළ වීඩියෝ සංඛ්‍යාව ටික් ටොක් හි සමස්ත වීඩියෝ සංඛ්‍යාවෙන් 1‍% ටත් වඩා අඩු සංඛ්‍යාවකි.

ජාලයේ ප‍්‍රජා මාර්ගෝපදේශ හා එම සේවාව භාවිත කිරීමේ කොන්දේසි අදාළ වීඩියෝ මගින් උල්ලංඝණය වී ඇති  බව හඳුනාගෙන තිබේ.

ඒවා පරිශීලකයින් විසින් වාර්තා කිරීමට පෙර ඉවත් කිරීමට පියවර ගෙන ඇත

ඉන් වැඩිම වීඩියෝ සංඛ්‍යාවක් පළ කර ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 16,453,360 ක් වේ.

අමෙරිකා එක්සත් ජනපදයෙන් පළකර ඇති වීඩියෝ 45 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඉවත් කර ඇත

ඊට අමතරව පාකිස්ථානයෙන් වීඩියෝ ලක්ෂ 37 ක් , බ්‍රිතාන්‍යයෙන් වීඩියෝ ලක්ෂ 20ක් සහ රුසියාවෙන් වීඩියෝ ලක්ෂ 12 ක් ඉවත් කළ බව ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය පවසයි.

ටික් ටොක් සමාජ මාධ්‍යය අද නිකුත් කළ වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය කෙරිණි

මේ අතර කුඩා ව්‍යාපාර දැන්වීම් කරුවන් සඳහා නව යෙදුමක් ටික් ටොක් සමාජ ජාලය හඳුන්වා දී ඇති ඇත.

කෙසේ වෙතත්  චීනය මූලස්ථානය කරගත් මෙම සමාජ මාධ්‍යයට  අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී ඇති අතර ට්‍රම්ප් පාලනය විසින් ටික් ටොක් ජාලයට එරෙහිව තහනමක් පැනවා ඇත.

226

රොයිටර් ඇසුරෙනි

 



අදහස් (1)

විඩියෝ ලක්ෂ 490 ක් ටික් ටොක් ජාලයෙන් ඉවතට

Nuwan Sunday, 12 July 2020 12:21 PM

ඕක වහාම තහනම් තහනම් නොකළොත් ලංකාවෙත් අනාගතයේ මේ තරමටවත් ගුණධර්ම පිරි ගැහැණු පිරිමි කියලා ජාති 2ක් බලාගන්න ලැබෙන්නේ නැහැ. සේරම එකම ජාතියක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1754 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site