ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ රජයේ ගොඩනැගිල්ලක සිදුවූ වෙඩිතැබීමකින් 11 දෙනෙකු මියගොස් 6 දෙනකු තුවාල ලබා ඇත.
මෙම වෙඩි හුවමාරුවේදී ඝාතකයා මියගොස් ඇති අතර පොලිසිය පවසන්නේ ඔහු වර්ජිනියා ප්‍රාන්තයේ බීච් නගරයේ දීර්ඝ කාලයක සිට සේවය කරන පුද්ගලයෙකු බවයි.
කෙසේවුවද ඝාතකයාගේ අනන්‍යතාවය පොලිසිය හෙළිකර නොමැත.
පොලිස් නිලධාරියෙකුද මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත.
වෙඩිතැබීම සිදුවූ වර්ජිනියා බීච් නගර සභා ගොඩනැගිල්ල පිහිටා තිබෙන ප්‍රදේශයේ රජයේ කාර්යාලවල සියලුදෙනා ඉවත්කර දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පැවසේ.
මෙම ප්‍රාන්තයේ ජනාකීර්ණම නගරය වන වර්ජිනියා බීච්හි 440000ක පමණ ජනගහනයක් වෙසෙති.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වෙඩිතැබීමකින් 11 දෙනෙකු මරුට