IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


විටමින් ඩී ශක්තියේ රහසයි

ගර්භනී සමයේදි විටමින් ඩී සහිත ආහාර වැඩිපුර ලබාගන්නා මව්වරුන්ගේ දරුවන් ශක්තිමත් බව නවතම පර්යේෂණයකින් හෙළි අනාවරණය වී ඇත. බ්‍රිතාන්‍යයේ සදන්පටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් මෙම පර්යේෂණය කළහ.

මෙම පර්යේෂණයට බ්‍රිතාන්‍ය මව්වරු  හා දරුවෝ 700ක් යොදාගනු ලැබූහ. හිරුගෙන් ලැබෙන විටමින් ඩී ඔවුන්ගේ ලේවල ඇතැයි හෙළි වී ඇත.

පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයන් පවසා සිටියේ ගර්භාෂයේදි දරුවන්ගේ මාංශ පේෂී වර්ධනයට විටමින් ඩී ඉවහල් වන බවයි. එමඟින් පසුකාලීනව එම දරුවන්ට ක්‍රියාශීලීව වැඩ කිරීමට හැකියාව ලැඛෙන බවත් එම විද්‍යාඥයෝ පවසා සිටිති.

එමෙන්ම තරුණ වියේදි ශක්තිමත් මාංශ පේෂී ඇති පුද්ගලයන් මහලූ වියේදි රෝගාබාධ වලට ගොදුරුවීමේ හැකියාව අවම බවත් කැඩුම් බිඳුම් වලට ගොදුරු වීම අවම බවත් මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.එසේම තරුණ වියේදි ශක්තිමත් මංශ පේෂී ඇති පුද්ගලයන්ට දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු බවද මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇත.

මෙම පර්යේෂණයට සම්බන්ධ වූ පර්යේෂකයන් කියනුයේ තෙල් සහිත මාළු ආහාරයට ගැනීමෙන් විටමින් ඩී ලබා ගත හැකි බව බවයි.ඔවුන් තවදුරටත් පවසා සිටියේ හිරු කිරණට විවර වීමෙන් වැඩිපුර විටමින් ඩී ලබාගත හැකි බවයි.

එසේම තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ගර්භ‚ සමයේදි විටමින් ඩී අඩුවෙන් ලැඛෙන මව්වරුන් දාව බිහිවන දරුවන් දුර්වල අස්ථීන් සහිතව බිහිවන බවයි.

මෙම පර්යේෂණයට සම්බන්ධ වූ විද්‍යාඥයන් අවධාරණය කර සිටියේ කිරි දෙන මව්වරුන් සහ ගර්භණී මව්වරුන් දිනපතා විටමින් ඩී මයික්‍රෝග්‍රෑම් දහයක ප්‍රමාණයක්වත් ලබාගත යුතු බවයි.

(ඩේලිමේල් ඇසුරෙනි)

 

 

 



අදහස් (0)

විටමින් ඩී ශක්තියේ රහසයි

නිමල් Tuesday, 07 January 2014 10:31 AM

අපේ වැඩිහිටියෝ දැනගෙන හිටියා ගර්භනී සමයේදි ගන්න ඕන අහාර ගැන. නමුත් අද කාලේ ළමයි පරණ දේවල් අමතක කරලා බටහිර පන්නයටනේ හැම දෙයක්ම කරන්නේ. අමුතුවෙන් විටමින් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ සිංහල විදිහට ආහාර ගන්නවා නම්.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 07 January 2014 03:38 AM

අයියෝ ඕක වේලපහින් දැනගෙන හිටියනම් අපේ කට්ටියට හොන්ඩර ගනනින් දෙනවනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 89 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site