සිරුරේ කුඩා සිදුරක් සාදා එමගින් යැවූ උපකරණ ආදාරයෙන් වකුගඩු බද්ධ කිරීමේ ක්‍රමය යුරෝපයේ රෝයල් ලිවර්ෆුල් රෝහලේ දී සාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවැනි සැත්කමක් මුළින්ම සිදුකැර ඇත්තේ ඉන්දියාවේ දී ය.
වෛද්‍යවරු පවසන්නේ මෙතෙක් භාවිතා කළ ශල්‍යකර්ම ක්‍රමයට වඩා ඉක්මණින් මේ ක්‍රමයේ දී රෝගියා යථා තත්ත්වයට පත්වන බවයි.
මෙතෙක් වකුගඩු බද්ධකිරීම් සිදුකරනු ලැබුවේ සිරුර විවෘත කිරීමේනි. ඒ සඳහා විශාල කැපුමක් භාවිතා කැරිණි.
මෙවැනි සැත්කමක් මුලින්ම සිදුකළ ඉන්දියාවේ ඉස්ලාමාබාද් නුවර වකුගඩු සම්බන්ධ රෝග හා පර්යේෂණ මධ්‍යස්ථානයේ මහාචාර්ය ප්‍රන්ජල් මෝඩි පවසන්නේ නව ආකාරයේ වකුගඩු සැත්කමකින් රෝගියාට ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි. රෝයල් ලිවර්ෆූල් රෝහලේ වෛද්‍යවරු සැත්කමට යෙදූ කැපුම සෙන්ටිමීටර හයහක් තරම් කුඩාය.
‘‘ කුඩා සිදුරක් යොදා වකුගඩු බද්ධ කිරීම ඉතා සාර්ථකයි. රෝගීන්ගේ ප්‍රතිචාරයත් ඉහළයි. මේ නිසා එවැනි සැත්කම් කිරීමට අපට වැඩි ධෛර්යයක් ලැබී තිබෙනවා. “ යැයි මහාචාර්යවරයා පවසයි.
මෙම සැත්කම් ක්‍රමය ස්ථුලතාවයෙන් හෙබි රෝගින්ට වඩත් සුදුසුය. ඊට හේතුව උදර කුහරයේ විශාල කැපුම් යොදා කරණ ශෛල්‍ය කර්ම මගින් වන අනතුරු ප්‍රමාණය ඉහළ වීමයි.
නමුත් මෙම සැත්කම් ක්‍රමය මගින් ශෛළ්‍ය වෛද්‍යවරුනට සංකීර්ණ සැත්කම් සඳහා විකල්ප ක්‍රමයක් ලෙස යොදා ගැනීමට හැකිවීම විශාල වාසියකි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වකුගඩු සැත්කම් ලඝු වෙයි
සෙනරත් Monday, 13 October 2014 03:25 AM
එතකොට කොහොමද වකුගඩුව ඇතුළට දමන්නේ. ඒ වගේම තිබුණු වකුගඩුව එළියට ගන්නේ කොහොමද කුඩා සිදුරකින්? (නි)
කිත්සිරි Monday, 13 October 2014 12:29 PM
සෙනරත්ගේ ප්‍රශ්නය මටත් ඇති වුණා (නි)
කෝසල Monday, 13 October 2014 03:47 PM
වකුගඩුවේ සෙන්ටිමීටර් හයේ කැබලි සිදුරෙන් යවන්නේ කොහොමද? (නි)