IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලොස් ඇන්ජලීස් ගුවන්තොටේ වෙඩි තැබීම ගැන පරීක්ෂණ දිගටම

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉකුත් සිකුරාදා (1) සිදුවුණු වෙඩි තැබීමේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණ දිගටම පැවැත් වෙන බව එෆ්.බී.අයි. පරීක්ෂකයෝ කියති.

ගිනි අවියක් අතැතිව ගුවන්තොටුපොළට හදිසියේ කඩා වැදුණු පොල් සෙන්සියා නමැති 23 හැවිරිදි තරුණයා සිදු කළ එම වෙඩි තැබීමෙන් මියගියේ

පොල් සෙන්සියා

ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරියෙකි.

පොල් සෙන්සියා කඩා වැදුණේ, අංක 3 මගී පර්යන්තයටය. තුවක්කුකරු වෙඩි තැබීමට පටන් ගැනීමත් සමඟ ඔහු දුටු ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මගීන්ට පහත් වෙන්නැයි කෑ ගසමින්, තුවක්කුකරු වට කළ ඇති අතර, එම අවස්ථාවේදී තුවක්කුකරු ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා ඇත. ආරක්ෂක අංශ පෙරළා සිදු කළ වෙඩි තැබීම්වලින් පොල් සෙන්සියා ජීවිතක්ෂයට පත්වූයේය.

පොල් සෙන්සියා දකුණුදිග නිව්ජර්සි ප‍්‍රාන්තයේ පදිංචිකරුවෙකි. ඔහු වාහන අමතර කොටස් වෙළෙඳසැල් සේවකයෙකි.

වෙඩි තැබීම සිදුවීමට පැය කීපයකට පෙර, ඔහුගේ පියා නිව් ජර්සි පොලිසියට පැමිණිලි කර ඇත්තේ, තම පුතු දිවි නසා ගන්නා බව පවසා, ලිපියක් ලියා ගෙදරින් අතුරුදන්ව ඇති බවය. මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණ අනුව, එෆ්.බී.අයි. පරීක්ෂකයන් පවසා ඇත්තේ පොල් සෙන්සියා කිසිම ත‍්‍රස්ත සංවිධානයකට අයත් තැනැත්තකු නොවන බවය.
 



අදහස් (0)

ලොස් ඇන්ජලීස් ගුවන්තොටේ වෙඩි තැබීම ගැන පරීක්ෂණ දිගටම

සිල්වා පැරිස් Thursday, 07 November 2013 02:58 AM

අත් අඩංගුවට ගැනීමට  හැකියාව තිබියදී මරා දැමීම වැරදියි.මේ අය හැදූ නීති අපට විතරයි වලංගු. මෙම සිද්දිය අපේ රටේ උනානම් එය  මානව හිමිකම් උල්ලංගනය කිරීමකි. නිවට එන්.ජී.ඕ o සහ මානවහිමිකම් මේවාට නිහඩ ඇයි?  මොවුන් අපේ රටවලින් තුරන් කල යුතුයි.(නදී)

:       0       0

හසරැල් Thursday, 07 November 2013 07:41 AM

සිල්වා පැරිස්, ලංකාවෙත් කෙනෙක් පොලිසියට හෝ ආරක්ෂක අංශ වලට වෙඩි තිබ්බොත් පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන්. අපේ රටෙත් "පොලිස් වෙඩි පහරින් මියගිය" උදාහරණ ඕනෑතරම් තියෙනවා. ඒවා නීතියෙන් වලංගුයි. එහෙම නැත්තම් පොලිසියේ අයගේ මානව හිමිකම් වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

සමාධි - ඕස්ට්‍රේලියා Thursday, 07 November 2013 09:17 AM

මෝඩ හසරැල්, සිල්වා ව්‍යංගයෙන් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. (නි)

:       0       0

හසරැල් Thursday, 07 November 2013 10:11 AM

" " සමාධි, මම ලියල තියෙන්නේ මොන රටේ මෙහෙම දෙයක් උනත් මේක මානව හිමිකම් උල්ලංගනය කිරීමක් නෙමෙයි කියල. එහෙමයි කියල තේරෙන්නේ නැත්තම් මමත් ඒක "ව්‍යංගයෙන්" කිව්වා කියල හිතාගන්න. එහෙම තේරෙන්නේ නැත්තම් මට කියපු "විශේෂණ පදය" ඔබටම ගැලපෙනවා. සුභ දවසක් :) (දී)

:       0       0

ලාරා Wednesday, 06 November 2013 02:45 PM

හරිම නිදහස් රටක් ? (ස)

:       0       0

කුමාරි Wednesday, 06 November 2013 02:52 PM

අපේ රටේ කොනක් අල්ලන් ඉදන් මරාගෙන මැරුණ අයට අනුකම්පා කරලා ඒ අයගෙ පැත්ත ගත්ත මේ අයට එහි ඇති භයානකකම, අන්තවාදීකම, අත් දකින්නට එයාලගෙන්ම ලොකු පාඩමක් වේවා. (ස)

:       0       0

ලලිත් අපෝන්සු Wednesday, 06 November 2013 03:22 PM

මුස්ලිමි අරාබි නමක් තිබුණා නම් මේ පුද්ගලයා ත්‍රස්තවාදියෙක්. මේ රටවල දෙබිඩි පිලිවෙත. (ස)

:       0       0

කෙනත් Wednesday, 06 November 2013 10:26 PM

ලලිත් ඔබ හරි, ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල පාසල් තුල , දුම්රිය ස්ථාන වෙළදසැල් තුල සිදුවන මෙවන් වෙඩි තැබීම් සහ සමුහ ඝාතන වලට හේතුව තුවක්කු භාවිතාකරන මානසික ආතතිය ඇති සුදු ජාතිකයන්. මෙහි සුදු ත්‍රස්තවාදයක් තිබෙනවා. නමුත් මේ අය එය පුද්ගලයෙකුට සීමා වුණ තනි සිද්ධියක් ලෙස ගන්නවා. නමුත් මෙය කළේ ආසියාතික හෝ මැදපෙරදිග ජාතිකයෙක් නම් ඕක ත්‍රස්ත ප්‍රහාරයක් වෙනවා. මෙහි නරක විපාක තමයි මේ දකින්නේ. (නි)

:       0       0

ආරියසේන Thursday, 07 November 2013 01:55 AM

අනෙක් රටවල මානුසික අයිතිවාසිකම් නැහැ කියල කියනවා නමුත් පිරිමි කෙනෙක් උඩුකය කමිසයක් නැතිව පාරේ ඇවිදගෙන ගියත් පොලිසියට අරන් ගිහින් කුඩුවේ දානවා ඒවගේම කුලී නිවැසියන් අඩුම ගානේ සුමානයක් ප්‍රමාද වුනත් එලියට ඇදල දානවා එම තැනැත්තාට ප්‍රදේශය තුල කිසිම තැනකින් නිවාසයක් ඔහුගේ නමට ගත නොහැක ඒවා පරිගණක කර ඇති බැවින්.ඉතින් වෙපන් එකක් අරගෙන ගියොත් යටත් වුනත් නුනත් මරල තමයි ප්‍රශ්නය විසඳන්නේ එක පැත්තකින් බැලුවිට මේක තමා වෙන්න ඕන. අපරාදයක් කරලා අසුවුනොත් හොඳ රැකියාවක් ලැබෙන්නෙත් නැහැ. ආරක්ෂක සේවාව මගින් ඒවා පරිගණක කර ඇති බැවිනි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 33 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site