IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ලොව ලොකුම නැව දියත් වේ

මෙතෙක් ලොව නිෂ්පාදනය වූ විශාලත ම බහුකාර්ය නෞකාව එය නිපදවූ දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑන් වරාය වෙත ගමන් ආරම්භ කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පීටර් ෂෙල්ටේ ලෙස නම් කැර ඇති මේ නැවේ දිග අඩි අඩි 1253කි. පළල අඩි 407 කි. ටොන් 48,000ක බරක් උසුලාගෙන සිටීමේ හැකියාව මේ නෞකාව සතුය.

මුහුදේ සිදුවන තෙල් ලිං කැණීමේ කටයුතු වෙනුවෙන් මේ නැව නිපදවූ බව එය නිපදවූ කොරියාවේ ඩෙවෝ හෙවි ඉන්ඩස්ට්‍රි නමැති සමාගම පවසයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.97ක වියදමකින් සාදා ඇති නැවේ අයිතිය ඇත්තේ ස්විස් සමාගමක් වූ ඕල්සීස් සමාගමටය. එම සමාගම මුහුදේ තෙල් නළ සවිකිරීමට ඇතුළු සාගරයේ ඉදිකිරීම් සඳහා නමක් දිනාගත් සමාගමකි.

big ship 1



අදහස් (0)

ලොව ලොකුම නැව දියත් වේ

ඉසුරන්දි දෝහා Monday, 24 November 2014 01:32 PM

අපේ මේ පුංචි රට ඇයි මෙච්චර දිළිඳු තත්වයෙන් හැමදාමත්. නයෙන් බර රටක් වෙන්න තරම් අපේ රටේ තියෙන සම්පත් වලට මොකද වෙන්නේ.ලෝකයේ බොහෝ රටවල් සීග්‍රයෙන් දියුණු වෙද්දී අපේ මේ පුංචි රට ඇයි මෙච්චර මන්දගාමී ගමනක යෙදෙන්නේ. (නදී)

:       0       0

අමිත Monday, 24 November 2014 08:56 AM

මේක අපේ රටේ හැදුවා නම් හදපු කෙනා එල්ලුම් ගස් යනවා. එයාලගේ දියුණුවට ජය වේවා ! (නදී)

:       0       0

පූර්ණ Tuesday, 25 November 2014 01:57 AM

ඉසුරන්දි දෝහා, අපේ රට සූරාගෙන යන්නේ ඉන්දියාවට 1792 සිටයි. (නි)

:       0       0

ශිරන්ති Tuesday, 02 December 2014 03:34 AM

පරිස්සමින් "ටයිටැනික්" මතක් වෙනවා. (නදී)

:       0       0

නිශා Wednesday, 26 November 2014 09:20 AM

දකුණු කොරියාව ගැන ආඩම්බරයි. (ර)

:       0       0

බාලසුරිය Monday, 01 December 2014 11:29 AM

මෙපමණ ලොකු නැති වුනත් ලොකු නැව් අයිති ලාංකිකයන් සිටිනවා , (හේ)

:       1       0

මහී Tuesday, 25 November 2014 02:11 AM

රටක් දියුනු කිරීමට පාලකයන් අාදර්ශමත් විය යුතුයි. කිසිම පක්ෂයක් එය පෙන්වන්නේ නැහැ (නදී)

:       0       0

සමන්ති Monday, 24 November 2014 01:06 AM

හම්බන්තොටට වරායට මේ නැවත් එයිද? (නදී)

:       0       0

මංගල Tuesday, 25 November 2014 03:19 AM

අපි දියූණූ නැද්ද? අපේ ලක්ෂ 20කගේ හදගැස්ම එකයි. (නි)

:       0       0

රොෂාන් Tuesday, 25 November 2014 02:50 PM

හිරාන්, මට පෙන්නේ සමන්ති හම්බන්තොට වෙන්න ඕන. (ර)

:       0       0

නාමල් දෝහා Monday, 24 November 2014 05:37 PM

එසුරන්දී :මේක ලංකාවේ දේසපාලනයේ වැරැද්ද.කව්රු ආවත් මෙච්චර තමා .මහින්ද 11 කරා.කෝ ...(ස)

:       0       0

උපුල් Wednesday, 26 November 2014 07:07 PM

මේ වගේ නැවක යන්න මටත් අවස්ථාවක් ලැබුනානම්.(හේ)

:       0       0

සේනානි Monday, 24 November 2014 06:30 AM

මේ වගේ අත්දැකීමක් අපේ ලංකාවට කරන්න පුළුවන් නම් ජාත්‍යන්තරය ඉදිරියේ අපි හපනුන් වේවි (නි)

:       0       0

සචිත් Wednesday, 26 November 2014 04:33 AM

ඔය තරමටම ලොකු නැතිවුණාට දකුණු ආසියාවට හොඳම නැව් හදන රට අපේ රටයි (නි)

:       0       0

සජි Tuesday, 25 November 2014 04:48 AM

අපිට මෙ වගේ නැවු ඕන නැහැ.... අපිට සුපර් ස්ටාර්ස් ලා ඉන්න වානෙ...... අපිට නව සොයාගැනීම් ඕන නැහැ..... අපිට රියල් ස්ටාර්ස් ලා ඉන්න වානෙ.. අපිට ලෝකේ ඉදිරියට යන්න ඕන නැහැ.... අපිට පොඩි හරක් පටිටියක් තිබිබහම අැති............... ස්ටාර්ස් ලා දාන්න.......(අ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Thursday, 27 November 2014 09:48 PM

මෙම නැවට රළු මුහුදේ ගමන් කිරීමට අපහසු විය හැකියි. (නදී)

:       0       0

ජගා Wednesday, 26 November 2014 11:46 PM

අපි අද කල යුත්තේ පටු දූපත් දේශපාලනය නොව රටේ දියුණුව උදෙසා කරන දේශපාලන වෙනස් කම් වලට සහය දීමය, 2010 පක්ෂ නායකයෙක් ලෙස ජනාධිපති තරඟයට ඉදිරිපත් නොවූ රනිල් 2014 දීත් ඉදිරිපත් නොවේ. ආනයන නායකත්ව මනසක් ඇති එජාපයට ඡන්දය දීමට තරම් ලක් ජනයා මැට්ටෝ ද ?? (ස)

:       0       0

ඈන් Monday, 01 December 2014 05:27 AM

නැව ගිලුනත් බෑන් චුන්. (නදී)

:       0       0

නන්දන Wednesday, 26 November 2014 05:27 AM

මේ නෑවේ එච්චර විශාලත්වයක් පේන්න නෑ.(හේ)

:       0       0

කිරින්ද Monday, 24 November 2014 03:11 AM

කොරියානු යුද්ධයෙන් පසු දිළිඳු රටක්වූ දකුණු කොරියාව ඇති කරගෙන ඇති දියුණුවේ තරම මෙයින් පෙන්නුම් කරනවා. (නදී)

:       0       0

ධම්මික Wednesday, 26 November 2014 01:22 PM

සචිත්, ඔබගේ අදහසට මම එකඟයි. කොළඹ නැව් තටාකාංගනය. එ්ක තමා දකුණු ආසියාවේ පොඩි හොදම නැව් හදන්නේ (නදී)

:       0       0

හිරාන් Monday, 24 November 2014 03:35 AM

සමන්ති,මෝඩ කතා කියන්න එපා.ඔයාගේ ගම කොහෙද? (නි)

:       0       0

උදාර Monday, 24 November 2014 03:43 AM

ලංකාවටත් ආවොත් හොඳයි නේද? (නි)

:       0       0

කරුණාජීව Thursday, 27 November 2014 09:54 AM

ජයවේවා.(හේ)

:       0       0

දිසානායක Tuesday, 25 November 2014 01:01 AM

ඉසුරන්දි දෝහා , මේ පුංචි රටේ අගය මිල කළ නොහැක. නමුත් අද තත්ත්වය ගැන ඇත්තේ දුකකි (නි)

:       0       0

දිසානායක Sunday, 30 November 2014 03:03 PM

මේ නැව අපේ රටට එන්නේ එහෙම නැද්ද.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 433 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site