ගිනස් ලෝක වාර්තා අනුව ඇවිදීමට හැකියාව සහිත ලොව මිටිම මිනිසා ලෙස හැඳින්වුණු අවුරුදු 27ක් වයසැති නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගර් මියගොස් ඇතැයි වාර්තා වේ.
නේපාලයේ බග්ලුන්ග් දිස්ත්‍රික්කයේ ජීවත් වූ ඔහුගේ උස සෙන්ටිමීටර් 67.08කි.
නිව්මෝනියාව රෝගයෙන් නේපාලයේ රෝහලකදී තාපා මාගර් මියගිය බව ඔහුගේ සොහොයුරා සනාථ කර ඇත.
මාගර් මහතා ලොව කුඩාම මිනිසා ලෙස 2010 වර්ෂයේදී සිය 18 වන උපන්දිනය වෙනුවෙන් දේශීය සහ ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් සහභාගී වූ උත්සවයකදී සම්මානයට පාත්‍ර විය.
" මම කුඩා මිනිසකු ලෙස නොසිතමි. මම ලොකු මිනිසෙකි. කුඩා මිනිසකු බව සනාථ වීම හේතුවෙන් මට සහ මගේ පවුලට නිසි නිවසක් ලබාගැනීමට හැකිවනු ඇතැයි මම සිතමි." යැයි ඔහු ඒ අවස්ථාවේදී පැවසීය.
මීට පෙර ලොව මිටිම මිනිසා ලෙස හැඳන්වුනු නේපාලයේ චන්ද්‍ර බහදූර් ඩංගි මියගිය පසු තාපා මාගර්ට එම විරුදාවලිය ලැබිණි.
නේපාලයේ සංචාරක ව්‍යාපාරයේ නිල සන්නාමයක් බවට පත්ව සිටි තාපා ලොව පුරා සංචාරය කළ අතර යුරෝපයේ සහ ඇමරිකාවේ රූපවාහිනී නාලිකාවල ජනප්‍රිය චරිතයක් ද විය.

(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව මිටිම මිනිසා මිය යයි