ලොව සතුටින්ම ජීවත්වන රටවල් අතරින් ෆින්ලන්තය නැවතත් ඉදිරියෙන් සිටීමට සමත් වී ඇත.
රටවල් 156 ක රටවල්වල දත්ත අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකළ නවතම වාර්තාවකට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.
දකුණු සුඩානය ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානයට පත්ව ඇති අතර ඒ අනුව ලොව අසතුටින්ම සිටින ජනතාව ඇත්තේ දකුණු සුඩානයේය.
මෙම ශ්‍රේණිගත කිරීහ සඳහා ඒක පුද්ගල ආදායම, සමාජය සහයෝගිතාවය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, සමාජීය නිදහස, ත්‍යාගශීලිබව සහ දූෂණයෙන් තොරවීම වැනි කරුණු පිළිබඳ අවදානය යොමු කර ඇත.
නෙදර්ලන්තය, නවසීලන්තය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් පෙරමුණේ සිටින අතර එක්සත් ජනපදය 19 වන ස්ථානයේ පසුවෙයි.
(රොයිටර් ඇසුරෙනි)
63226
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රට ෆින්ලන්තයයි
menna Thursday, 21 March 2019 12:37 PM
සිංහල බෞද්ධ අය ඉන්න රටට මොකක්ද වුනේ? නිඝන්ටයො ඉන්න රටක් වෙලාද?
ravi Thursday, 21 March 2019 12:43 PM
මම හිතුවේ එහෙම අය ඉන්නේ ලංකාවේ කියලා...
chathuri Thursday, 21 March 2019 01:09 PM
මෙහෙම වෙන්නේ කොහොමද. ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවනේ මේ වගේ උතුම් රටේ මිනිසුන් අසතුටෙන්ද ඉන්නේ.
smn Thursday, 21 March 2019 02:27 PM
ෆින්ලන්තය තමා පින්ලන්තය.
kim Thursday, 21 March 2019 03:07 PM
ලංකාව 131 වන තැන. සුඩානයට ඉන්න තැනට යන්න තව වැඩිය නෑ. අපි පසුගිය අවු 70 කලා වගේ ඒ අයම නැවත පත් කරගෙන ඉක්මනට ම ඒ තැනට යමු.
බද්රානි Thursday, 21 March 2019 08:34 PM
තවම ජාත්‍යන්තරය හඳුනා නොගත් "සිලි පිංකාව" නමැති රටක් තියනවා. බහුතරය මෝඩයින් වුණු, ඒ රටේ, රටට කිසිඳු සේවයක් නොකර පිනටම කකා තෙල දමා සිටින දේශපාලකයන්ට ආවඩන පින්ගුත්තරයින් හා තක්කඩි දේශපාලකයන් මෙන්ම ඔවුන්ගෙන් යැපෙන නිලධාරි පැලැන්තිය තරම් සතුටින් සිටින, ලෝකෙන් උතුම් රටක් මේ ලෝකයේම නැහැ. එ්ත්, රටේ කයිවාරු කාරයින් කොතරම් රටේ සිටියත්, තවමත් ඒ දූපත ගැන ලෝකයා නොදන්නා එකයි අපට තියන ප්‍රශ්නේ...
abaran Friday, 22 March 2019 01:33 AM
හයියෝ....ලෝකේ සතුටින්ම ඉන්න දෙසිය විසිපහ නම් ලංකාවේ ඉන්නේ...
දිලුම් Friday, 22 March 2019 03:47 AM
ලංකාවේ මිනිස්සුන්ට සතුටින් ඉන්න බැරි වෙන එකක්වත් නිසා නෙමෙයි රටේ ආදායම් උපයන්න තියන සම්පත් තමන්ගේ කොමිස් කුට්ටියට තියන පෙරේතකමට කුණුකොල්ලෙට රට විකුණන ගස් ටික කපල ගිනිපෙට්ටි ගෙවල් හදමින් කොමිස් ගන්න 225 නිසා. මේ 225 නිසා හා උන්ට කත් අදින රජයේ ලොකු නිලධාරින්ගේ ගව ප්‍රතිපත්ති නිසා සමස්ථ ජාතියම අද දුක් විදිනවා. සතුටක් කියල පේන මානෙකවත් නෑ. අද මේ රට පවකට ඉපදෙන රටක් වෙලා.
සරණපාල Friday, 22 March 2019 06:47 AM
ලෝකය දුකකි. මේවා බටහිර මිනුම් දඬු.
Rane Friday, 22 March 2019 01:18 PM
අපිටත් ළඟදීම සතුටින් ඉන්න ලැබේවි...!