IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලොව ධනවත්ම පුද්ගලයන් 26 දෙනාගේ වත්කම දුප්පතුන් කෝටි 380 ගේ වත්කමට සමානයි

ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 26 දෙනා සතු ධනය ලෝක ජනගහනයෙන් දුප්පත්ම පිරිසෙන් අඩක් වන කෝටි 380කගේ වත්කමට සමාන යැයි ‘ඔක්ෆෑම්’ සංවිධානය අද (21) ප්‍රකාශ කළේය. 

සිය නවතම වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ‘ඔක්ෆෑම්’ සංවිධානය ඒ බව අනාවරණය කළේය.

ධනය බෙදීයෑමේ අසමානාත්මතාව වැඩි වෙමින් පවතින බවත් එම නිසා ලොව ධනවත් පිරිසට බදු පැනවිය යුතු බවත් එම සංවිධානය සිය වාර්තාව එළිදක්වමින් අවධාරණය කළේය. 

ලෝක ආර්ථික සමුළුව පැවැත්වීමට දිනක් තිබියදී එම සංවිධානය සිය වාර්තාව එළිදැක්වීය. ලෝක ආර්ථික සමුළුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී හෙට (22) ආරම්භ වීමට නියමිතය. 

පසුගිය වසරේදී ලොව පුරා සිටින බිලියනපතියන් සියලු දෙනාගේ සමස්ත වත්කම දෛනිකව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5කින් වැඩි වී ඇතැයි එම සංවිධානය සිය වාර්තාවෙන් පෙන්වාදෙයි. 

ඔක්ස්ෆෑම් යනු එක්සත් රාජධානිය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ලාභ නොලබන සංවිධානයක් වන අතර දරිද්‍රතාව පිටු දැකීම එම සංවිධානයේ ප්‍රමුඛතම අරමුණයි. එම සංවිධානය ආරම්භ කරන ලද්දේ 1942 වසරේදීය. 

ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස්ගේ වත්කම පසුගිය වසරේදී පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 112කින් වැඩි වී ඇතැයි ඔක්ස්ෆෑම් සංවිධානය පෙන්වාදෙයි. ඔහුගේ එම වත්කම මිලියන 105ක් ජීවත්වන ඉතියෝපියාව සෞඛ්‍ය සඳහා පමණක් වෙන් කරන මුදලට සමාන යැයි ද ඔක්ස්ෆෑම් සංවිධානය කියයි. 

පසුගිය වසරේදී දරිද්‍රතා මට්ටම්වල පහළම අඩියේ සිටින බිලියන 3.8කගේ වත්කම සියයට 11කින් අඩු වී ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් දුප්පත් සහ පොහොසත් ජනකොටස් අතර හිඩැස වැඩි වී ඇති බවත් ඔක්ස්ෆෑම් සංවිධානය පෙන්වාදෙයි. මේ තත්ත්වය දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීමේදී විශාල අභියෝගයක් සහ දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බවත් ආර්ථිකවලට හානි කර ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි. එපමණක් නොව මේ තත්ත්වය හේතුවෙන් මහජනතාව අතර කෝපය හා කලකිරීම උත්සන්න වී ඇතැයි එම සංවිධානය කියයි.

ඒ.එෆ්.පී. ඇසුරිනි

055

 



අදහස් (0)

ලොව ධනවත්ම පුද්ගලයන් 26 දෙනාගේ වත්කම දුප්පතුන් කෝටි 380 ගේ වත්කමට සමානයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 782 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2428 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site