IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලොවපුරා පිළිකා රෝගීන් සීග්‍ර ලෙස වැඩිවන බව පර්යේෂකයෝ කියති

ලොවපුරා මේ වනවිට පිළිකා රෝගීන් මිලියන 18.1ක් අළුතින් හඳුනාගෙන ඇතැයි පිළිකා සම්බන්ධ පර්යේෂණ කරන ජාත්‍යන්තර සංවිධානයක් වාර්තා කර ඇත.

2012 වර්ෂයේ මිලියන 14.1ක් රෝගීන් වාර්තා වී ඇති අතර එයින් මිලියන 8.1ක් මියගොස් ඇති බව සඳහන් වේ.

මෙම වාර්තා පෙන්නුම් කරන්නේ සෑම පුරුෂයන් පස් දෙනකුගෙන් එක් අයෙකුටම හා සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුටම පිළිකාව වැළඳීමට ඉඩ ඇති බවයි.

කෙසේ වුවද ධනවත් රටවල් සඳහා මෙහි අවදානම වැඩි බවද වාර්තාවේ සඳහන් වේ. මේ සම්බන්ධව ඔවුන් සඳහන් කරන්නේ මෙය ජීවන රටාව හා බැඳී පවතින රෝගයක් බවයි.

ලෝකයේ රටවල් 185කින් වර්ග 36ක පිළිකා හඳුනාගෙන ඇත. මේ අතරින් පෙනහළු පිළිකා, කාන්තාවන්ගේ පියයුරු පිළිකා සහ අන්ත්‍ර පිළිකා බහුල බවද දැක්වේ.

රෝගීන් වැඩිපුරම වාර්තා වන්නේ ඇමරිකාව, හංගේරියාව, ඩෙන්මාර්කය, චීනය සහ නවසීලන්තය යන රටවල් වලයි. පිළිකා සඳහා එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දුම්කොළ භාවිතය බව ද පර්යේෂකයෝ සඳහන් කරති.

කෙසේ වුවද මෙම වර්ෂයේ සිදුවූ මරණ වලින් හා රෝගීන් වාර්තාවීම් සම්බන්ධයෙන් ආසියාව ඉදිරියෙන් සිටින බවද පැවසේ.

(බීබීසී ඇසුරිණි - 085)

 

 



අදහස් (1)

ලොවපුරා පිළිකා රෝගීන් සීග්‍ර ලෙස වැඩිවන බව පර්යේෂකයෝ කියති

ajith Thursday, 13 September 2018 07:16 AM

ලංකාවේ හැමතැනම පිලිකා හොදකරන වෙද මහත්වරු ඉන්නවා කියල මුහුණු පොතේ දැන්වීම් යනවා. මේවා ඇත්ත නම් පිළිකා සුව කිරීමෙන් විතරක් ලංකාවේ ණය ටික ගෙවා ගන්න පුළුවන්. ඒ වගේ ඒක හරි පිනක්. හැබයි ඒ අය බොරු කරනවානම් නීතිය ඉදිරියට ගෙනත් දැඩි දඩුවම් දෙන්න ඕන. ආණ්ඩුව මේක ට මැදිහත් වෙන්න ඕන.

:       0       245

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site