ලයිබීරියාව එබෝලා වයිරසයෙන් නිදහස් රටක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. පසුගිය දින 42 දී ඉබෝලා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් කිසිවකු වාර්තා නොවීම හේතුවෙන් එම තීරණය ප්‍රකාශයට පත්කැර ඇත.
එබෝලා වෛරසය ශරිරගත වීමෙන් ලයිබීරියාව, ගිනියා සහ සියරා ලියොන් රාජ්‍යයන්හි 11,000ට වැඩි පිරිසක් මියගිය අතර ලයිබීරියාවෙන් මියගිය සංඛ්‍යාව 4700කි. ඒ අනුව වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ලයිබීරියාවෙනි.
අළුත් රෝගියකු දින 42කින් වාර්තා වී නැති බව පවසන පර්යේෂකයන් කියා සිටින්නේ දින 42 දී එබෝලා වෛරසයේ බීජෞෂණ කාල දෙකකට වඩා ගතවන බවයි. ලයිබීරියාවේ අවසන් එබෝලා මරණය වාර්තාවූයේ මාර්තු 27 වෙනි දිනයේය.
ලයිබීරියානු ජනාධිපති එලන් සර්ලිෆ් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ එබෝලා නැමැති තමන් නොදන්නා භයානක සතුරා පරාජය කිරීම හේතුවෙන් ලයිබීරියා ජනතාව ප්‍රීතිමත් ජාතියක් බවට පත්වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලයිබීරියාව නිදහස ලබයි
ජයාත් Monday, 11 May 2015 02:05 AM
මේක ලොකු ජයග්‍රහණයක්. මේ වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජාකළ අය සදා අමරණීයයි (නි)