සකස් කරන ලද ආහාර යැයි සඳහන් ලේබල ඇලවූ ටින් වල සඟවා චෙන්නායිහි සිට මෙරටට හෙරොයින් ප‍්‍රවාහනය කිරීමේ යෙදුණු ශී‍්‍රලාංකිකයින් දෙදෙනෙකුද ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලිස් විශේෂ ඒකකය සමත්විය.
මෙම කණ්ඩායම ගැන පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ පසුගිය ජූලි මාසයේ කළ වැටළීමකදීය. එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ලත් තොරතුරු අනුව කණ්ඩායමේ මහ මොළකරු ලෙස සැළකෙන පෙරුමාල් නම් ඉන්දියා ජාතිකයාත් ඔහුගේ සගයින් දෙදෙනා වූ ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනාත් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ශී‍්‍ර ලංකාවට යැවීමට සූදානම් කර තිබූ කිලෝ 16 ක හෙරොයින් තොගයක්ද සොයාගත් බව පොලිසිය කියයි.
අනාවරණව ඇති තොරතුරු වලට අනුව මෙම කණ්ඩායම හෙරොයින් ශී‍්‍රලංකාවට එවා ඇත්තේ මත්ත්ස්‍ය නිෂ්පාදන යැයි සඳහන් ලේබල ඇලවූ ටින් වල සඟවාය.
දැනට සිදුකෙරී ඇති පරීක්ෂණ වලින් ශී‍්‍රලංකා ජාතිකයින් දෙදෙනා හෙරොයින් ජාවාරමේ යෙදීම සදහාම ඉන්දියාට පැමිණ තිබෙන බව හෙළිව තිබේ.
ඇෆ්ගනිස්ථානයේ සිට පකිස්තානය හරහා මේ කණ්ඩායම ඉන්දියාවට හෙරොයින් ගෙනවිත් පසුව ඒවා ටින් වල සඟවා ශී‍්‍රලංකාවට යවා ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලේබලේ කෑම : ඇතුළේ කුඩු
ලක්ශේ Tuesday, 21 October 2014 01:11 PM
පිස්සුද රවින්ද්‍ර, මෙයාලට පාර්ලිමේන්තුවට යන්න උදව් කරන අය නේද වැඩි. (නදී)
රෝහණ Wednesday, 22 October 2014 03:14 AM
නැහැ නැහැ මේ අය ආශ්චර්යමත් සිරි ලංකාවේ අගමැති කමට නිර්දේශ කරමි.(නදී)
රවීන්ද්‍ර Tuesday, 21 October 2014 07:32 AM
මේ අයට උපරිම දඩුවම් දිය යුතුයි.(හේ)