‘ලිබියා සාම සමුළුව’ බර්ලින් නුවරදී පැවැත්වීමට ජර්මානු රජය තීරණය කර ඇතැයි එරට රජයේ ප්‍රකාශකයෙක් අද (13) පැවැසීය.
“සමුළුවට සූදානම් වීම සඳහා කටයුතු දැන් සිදුවෙනවා. ඒක මේ මාසයේ දී බර්ලින් නුවරදී පැවැත්වේවි” යැයි ස්ටෙෆන් සයිබාට් පැවැසීය.
සමුළුව සම්බන්ධයෙන් ස්ථීර දිනයක් තවම ප්‍රකාශ කළ නොහැකි බවත් බොහෝ දුරට ජනවාරි 19 වැනිදා සමුළුව පැවැත්වෙනු ඇති බවත් හෙතෙම කීය.
ලිබියානු අර්බුදයට මැදිහත් වී සිටින ප්‍රධාන පාර්ශවවල නායකයන් අද (13) රුසියාවේ මොස්කව් අගනුවරදී මුණගැසී සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිතය. මාස නවයක් මුළුල්ලේ පැවැති දරුණු ගැටුම් අවසන් කිරීම එහි අරමුණ වී තිබේ.
සටන් විරාම ගිවිසුමේ කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශව දෙක අද ගිවිසුමකට එළැඹීමට නියමිත අතර එය මේ සති අන්තයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
දීර්ඝකාලයක් බලයේ රැඳී සිටි ඒකාධිපති නායකයකු ලෙස සැලකෙන මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු 2011 වසරේ සිට ලිබියාවේ ගැටුම් පවතී. නේටෝ සංවිධානයේ සහාය ඇති වූ කැරැල්ලක ප්‍රතිඵලයක් ලෙස ගඩාෆී ඝාතනයට ලක්විය.
උතුරු අප්‍රිකාවේ පිහිටි ලිබියාව තෙල් සම්පතින් පොහොසත් රටකි.
ඒ.එෆ්.පී.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලිබියා සාම සමුළුව බර්ලින් නුවරදී