IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ලිබියානු අර්බුදයට විසඳුම් සොයන්න අසල්වැසියෝ එක්වෙති

ලිබියානු අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන් ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවරදී මුණ ගැසීමට නියමිතය.

ඒ අනුවි ලිබියාවේ අසල්වාසී රටවල් වන ටියුනීසියාව, ඊජිප්තුව, සුඩානය, චැඞ්, නයිජර් සහ මාලි යන රටවල විදේශ අමාත්‍යවරුන් මෙම හමුවට සහභගී වනු ඇත.

මෙම හමුව සංවිධානය කර ඇත්තේ අසල්වැසි ඇල්ජීරියාවේ විදේශ අමාත්‍යාංශය වන අතර එම අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ලිබියානු අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවිය යුතු බවත් ඒ සඳහා සියලු පාර්ශවවල සහභාගීත්වයෙන් පූර්ණ සංවාදයක් කළ යුතු බවත් ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශයේ එම නිවේදනයේ සඳහන් කර ඇත.

“මෙම සාකච්ඡාවේදී ලිබියාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරනවා. කිසිදු බාධාවකින් හෝ මැදිහත්වීමකින් හෝ තොරව තම අර්බුදය විසඳා ගැනීමට අපි අපේ ලිබියානු සහෝදරයන්ට අවස්ථාව උදා කරනවා” යැයි ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ලිබියාව විවිධ පාර්ශව එකිනෙකාට එරෙහිව සටන්වදින අතර ඇල්ජීරියාව සියලු පාර්ශව සමඟ සාකච්ඡා පවත්වමින් අඛණ්ඩව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වාගෙන යයි.
ඇල්ජීරියාව සහ ලිබියාව අතර කිලෝමීටර දහසක දේශසීමාවක් ද පවතී.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

ලිබියානු අර්බුදයට විසඳුම් සොයන්න අසල්වැසියෝ එක්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 558 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 478 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site