IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලන්ඩන් විහාරයෙන් අභිධර්ම පන්ති

බෞද්ධ දර්ශනය සහ මනෝවිඥානය විග්‍රහකෙරෙන අභිධර්ම පාඨමාලාව මේවසරෙත් සැප්තැම්බර් මස 24 වැනිදා සිට ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වෙයි.

සති 10 කදී මෙම පාඨමාලාව මෙහෙයවන්නේ රිචඩ් ජෝන්ස් විසිනි. මේ සඳහා කිසිදු අයකිරීමක් නොකෙරේ. දෛනික විය පැහැදම් සඳහා හැකි අන්දමකින් සම්මාදම්විය හැකිය.

අභිධර්ම පාඨමාලාව පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. බුදු දහමේ වඩාත් බුද්ධිමය අභියෝගයන් ඇතුළත් අභිධර්ම දේශනාව තුළින් මනස සහ චෛතසික ක්‍රියාවලිය විස්තරකෙරෙන අතර මෙම පාඨමාලාව මනෝවිඥානය පිලිබඳ උනන්දුවක් දක්වන්නන් උදෙසා සකස් කර ඇති බව මේ පිළිබඳ අදහස් දැක්වූ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.

මේ පිලිබඳ සියලු විස්තර ලන්ඩන් බෞද්ධ විහාරයෙන් ලබාගත හැක. පන්ති පැවැත්වෙන මුල් දිනය වන සැප්තැම්බර් මස 24 වැනිදා විහාරස්ථානයට පමිණ පන්ති සඳහා ලියාපදිංචි විය හැකිය.

LBV

 



අදහස් (0)

ලන්ඩන් විහාරයෙන් අභිධර්ම පන්ති

සිරී Tuesday, 25 August 2015 08:15 AM

ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවැත්වෙන පාඨමාලා අතර අභිධර්මය එක් පාඨමාලාවක් පමණයි. අනෙක් බොහෝ පාඨමාලා මෙහෙයවන්නේ විහාරස්ත මාහා සංඝ රත්නයයි. උගත් ගිහි විධ්වතුන්ද සමහර පන්ති භාරව කටයුතු කරනවා. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වැදගත්ම වැඩ කටයුත්තක් වන භාවනා වැඩසටහන ඉදිරිපත් කරන්නේ විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් විසිනුයි. ආරම්භක පන්ති අනෙකුත් ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවයි. (නදී)

:       0       0

අසෝකා Monday, 24 August 2015 02:03 PM

අභිධර්මය දන්නා අය බණ භාවනා කරනවා. (හේ)

:       0       0

අනුර Tuesday, 25 August 2015 05:44 AM

දන්නා කෙනෙකුගෙන් අභිධර්මය ඉගෙන ගන්න (බ)

:       0       0

කුමාර Monday, 24 August 2015 09:26 AM

ගරු හිමිවරු නැද්ද අභිධර්මය දන්නා ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 500 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site