ලන්ඩන් නුවර ලෝ සුපතල ඇපලෝ නාට්‍ය ශාලාවේ උඩුමහල, නාට්‍යයක් නරඹමින් සිටි ප්‍රේක්ෂකයින්ගේ හිස මතට කඩාවැටීමෙන් අසුදෙනෙකුට තුවාල සිදුවේ ඇත.
ඉන් හත්දෙනෙකුගේ තත්වය බරපතල බව පොලිසිය පවසයි.
ඇපලෝ රඟහලේ ආසන 700ක් ඇත. අනතුර සිදුවන අවස්ථාවේ එම ආසන සියල්ලම පිරී පැවතිණි.
බ්‍රහස්පතින්දා සවස 8.30 වනවිට ලන්ඩන් නගරය ගිගුරුවා ලමින් අකුණු කුණාටුවක් සහිත ධාරානිපාත වර්ෂාවක් ඇදහැළිණි.
අනතුරට හේතුව සොයා බලන බව ගිනිනිවන හමුදාවත් පොලිසියත් කියයි.
මෙවැනි සිදුවීම් ලන්ඩන් නුවර දුර්ලභ නිසා නාට්‍යය නරඹමින් සිටි බොහෝදෙනා සිතා ඇත්තේ එම ගෝශාව නාට්‍යයේම කොටසක් ලෙසය.
අනතුර සිදුවූ නිමේෂයකින් ක්‍රියාත්මකවූ පොලිසිය සහ ගිනිනිවන හමුදාව සියලුම දෙනා ආරක්ෂා සහිතව ගොඩනැඟිල්ලෙන් ඉවත්කිරීමටත් තුවාල කරුවන් රෝහල් ගතකිරීමටත් පියවර ගෙන ඇත. ලන්ඩනයේ දිනපතා නාට්‍ය දර්ශන පැවැත්වෙන ප්‍රසිද්ධ රඟහල් 25 කට වැඩි සංඛ්‍යාවක් ඇත. මේවායින් බොහෝ ගණනක් ඉතාමත් පැරණි ගොඩනැඟිලිවෙයි.
ඉපැරණි වුවත් එම ගොඩනැඟිලිවල ප්‍රමිතිය සහ ආරක්ෂාව පිළිබඳව නිතර සොයා බලනු ලබන අතර හැම නාට්‍යාගාරයක්ම ඉස්තරම් මට්ට්ටමකින් නඩත්තු කිරීමට ඒවායේ අයිතිකරුවන් ක්‍රියා කරති. අනර්ග වේදිකා නාට්‍ය පිළිබඳව ලන්ඩන් නුවරට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. මේ නිසා ලන්ඩනයේ වේදිකා ගතකෙරෙන නාට්‍ය නැරඹීමට ලෝකයේ බොහෝ රටවල නාට්‍ය ලෝලයින් ලන්ඩනයට පැමිණෙති. සමහර නිර්මාණ එකම රඟහලේ වසර 60 කටත් වඩා නොකඩවා වේදිකා ගතවී ඇත.
ලන්ඩනයේ බොහෝ නාට්‍ය ලෝක වාර්තා තබා ඇති අතර ඇමෙරිකාව, කැනඩාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රධාන නාට්‍යශාලාවලද ඒවා යලි නිෂ්පාදන කර ප්‍රදර්ශනය කරනු ලබයි. වේදිකා නාට්‍ය ලෝකයේ ලන්ඩන් නුවරට ඇත්තේ සිවිශේෂී ස්ථානයකි.
2025 නොවැම්බර් මස 04
74
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලන්ඩන් රඟහල කඩාවැටේ : 80 වකට තුවාල
සමන් Friday, 20 December 2013 04:23 PM
සූරාකා ගොඩ නැඟු දේවල් කාලය ඉවර වෙලා වගේ. ලන්ඩනය පුරාම තියෙන්නෙ නඩත්තු කරන්න බැරුව කළු ගැසුණු පරණ ගොඩනැගිලි. (ස)
නජරාජා Saturday, 21 December 2013 03:04 PM
කැමරොන් මහත්තොයෝ, ලංකාවට කරන කෙනහිලිකම්වලට ඔහෙට තව උනා මදි. ස්වභාව ධර්මය ටික ටික දෙයි. අන්තිමට ඔබත් යයි.(නදී)