දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල කටයුතු හෙට (19) දිනයේ පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන්, වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුර කේන්ද්‍රකොට ගනිමින් දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇත.
මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේය. ඒ, හෙට (19) දිනයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.30 ට පමණය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ලන්ඩන් නුවර දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවෙන පළමු අවස්ථාව මෙයයි.
ගොඩනැගිලි වහල මත ස්නයිපර් තුවක්කුකරුවන් රඳවා තැබෙන අතර, ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානා ආරක්ෂාවට යොදවා ගැනෙනු ඇත. අවමංගල උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 10,000 ක් එක්ව සිටිති. ඊට අමතරව සිවිල් වැසියන් ලෙස සැරැසුණු පොලිස් නිලධාරීන් රැජිනට ගෞරව දැක්වීමට රැස්වන ජනතාව අතරේ සිටිනු ඇතැයි ද පැවැසෙයි.
බ්‍රිතාන්‍ය රජය කළ ඇරැයුම්වලට අනුව, වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ පැවැත්වෙන මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද ඇතුළු ලෝක නායකයෝ රැසක් ලන්ඩනයට පැමිණ සිටිති. රැජිනගේ දේහය රැගෙන යන පා ගමනට රජ පවුලේ සාමාජිකයන් පමණක් නොව, ලෝක නායකයන් ද එක් වීමට නියමිතය.
මේ අතර පසුගිය දින කීපයේ මහ රැජිනගේ දේහය මහජන ගෞරව සඳහා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබුණු අතර ඊට ගෞරව දැක්වීමට පැමිණි පිරිස් කිලෝ මීටර් ගණනාවක් දිග පෝලිම්වල පැය ගණනක් රැඳී සිටියහ. එංගලන්තයේ පා පන්දු තරුවක වන ඩේවිඩ් බෙකම් ද පැය 13 ක් පෝලිමේ සිට එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය.
දෙවැනි එලිසබත් මහ රැජිනගේ මුහුණුපුරු මිණිපිරියන් ඇතුළු රජ පවුලේ සාමාජිකයෝ ද රැජිනට ගෞරව දැක්වීමට වෙස්ට්මිනිස්ටර් ශාලාවට පැමිණ සිටියහ. විලියම් කුමරු සහ හැරී කුමරු ඔවුන්ගේ හමුදා නිල ඇඳුමින් සැරැසී මහ රැජිනට ගෞරව දැක්වූහ.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලන්ඩනයට විශේෂ ආරක්ෂාවක්