IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලෝක විනාශයෙන් බේරෙන්න බොරු මිහිකතක්

බයිබලයේ සදහන් මහා ජලගැල්මෙන් බේරීමට නෝවා නැවක් තැනූවා මෙන් අනාගත ලෝක විනාශයකින් මනුෂ්‍යය වර්ගයා මෙන්ම සත්ත්ව හා ශාක ප‍්‍රජාවද ගලවා ගෙන ඔවුනට සෙවන සැළසීමේ සමත් අති විශාල අභ්‍යාවකාශ යානාවක් තැනීම සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබේ.

මෙය පසුපස සිටින්නේ ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා),හා ඉකරස් නම් අභ්‍යාවකාශ යානා උපයෝගී කරගෙන පෘථිවියෙන් පිටත මනුෂ්‍ය ජනාවාස තැනීම සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ආයතනයකි.

ඉදිරි වසර 100 ඇතුළතදී බොහෝදුරට මෙවන් යානයක් තැනිය හැකිවනු ඇතැයි එම පර්යේෂණායතන කියයි.යානය සාදා නිමකෙරෙන දිනය කුමක් වුවද එවැන්නක අවශ්‍යතාවය නුදුරේදීම ඇති වනු ඇතැයි මේ සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු වල නියැළී සිටින පර්යේෂකයින්ගේ අදහසයි.

මෙම යානය අභ්‍යාවකාශ ගවේෂණයේ යෙදීමටත් උපයෝගී කර ගැනීමට අපේක්ෂිතය.

යානයේ කි‍්‍රයාකාරීත්වය ඉතා සරලව පැහැදිලි කරන පර්යේෂකයින් එය සමකරන්නේ අභ්‍යාවකාශයේ ඉදිකෙරෙන තවත් ‘‘පෘථිවියක්‘‘ ලෙසටය.එකම වෙනස මෙම ‘‘පෘථිවිය‘‘ එහා මෙහා ගෙනයෑමට හැකිවීමය.

මෙම කෘතිම පෘථීවියේ සැබෑ පෘථීවියේ ලෙසම ගස් වැල්  පිරි පරිසරයන්,ගංගා ඇළ දොළ ආදියද ඇතිකෙරෙනු ඇත.පෘථීවියට සමාන වන පරිසර පද්ධතීන් එහි නිර්මාණය කෙරෙනු ඇත.

මෙවැන්නක් විද්‍යා චිත‍්‍රපටයක් නිපදවීමට හොද අදහසක් මෙන් පෙනුනත් මෙය සැබෑවටම දිනා ගත හැකි ඉලක්කයක්යැයි මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන පර්යේෂකයෝ පවසති.



අදහස් (0)

ලෝක විනාශයෙන් බේරෙන්න බොරු මිහිකතක්

ගජමෑන් Tuesday, 29 April 2014 06:09 PM

මොන බොරු කතාද? (දී)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 April 2014 06:01 PM

මට නම් පිස්සු වගෙයි මේ වගේ ප්‍රවෘත්ති බලද්දී. (නි)

:       0       0

නසාර් Tuesday, 29 April 2014 07:35 PM

ලෝකවිනාසය වලක්වන්න කිසිමකෙනෙකුට බැහැ වෙලාවට සියල්ල සිදුවෙයි බලාගෙන ඉන්න තව වැඩිම උනොත් අවුරදු 400 ක් 500 ක් කාලය තුල අනිවාර්යෙන් සිදු වෙනවා ඔය නැව තමයි මුලින්ම විනාස වෙන්නේ,,,,,,,,,,,,,,,, (දී)

:       0       0

රෝයි Tuesday, 29 April 2014 10:36 PM

ලෝක විනසයකදී මේ ලෝකයේ සිටින කෙනෙකුගේ ඕනෑම නිර්මාණත් ඇතුලත් වෙනවා.එය කොහේ සඟවා තිබුනත් එහි සිටින සියලුදෙනා විනාස වෙනවා. එය බුදුදහමේ හොදින් පෙහෙදිලි කර තිබෙනවා. (දී)

:       0       0

සම්පත් Tuesday, 29 April 2014 02:45 PM

ශා.... මරේ මරු... ඉක්මනින්ම එම අවස්ථව උදා වේවා.. (දී)

:       0       0

ප්‍රිය Tuesday, 29 April 2014 04:22 PM

මැලේෂියන් ගුවන් යානයත් ඒ වගේ එකක් වෙන්න ඇති (දී)

:       0       0

ෆර්හා Wednesday, 30 April 2014 11:31 PM

රෝයි, ඔබ හරි.අපේ ආගමේත් කියලා තිබෙනවා ලෝක විනාශය ගැන. මොනවා කළත් වැඩක් නැහැ.සියලු දෙනාම ලෝක විනාශයට මුහුණ දිය යුතුයි. (නි)

:       0       0

නිසාර් කුවේට් Wednesday, 30 April 2014 03:12 PM

මේ නුතන මනුස්සය අනුවන විදියට කල්පනා කිරීම ගැන කණගාටු වෙමු. (දී)

:       0       0

ඉන්දික Tuesday, 29 April 2014 03:53 PM

මේ කියන ඒවා කරනවද කියල බලන්න කවුරුවත් අවුරුදු 100 ඉන්නේ නැහැනේ. කොහොමද ටිකිරි මොලේ !! (ස)

:       0       0

චන්න Wednesday, 30 April 2014 05:17 AM

මම හිතන්නේ ඇස්ටරොයිඩයක් ඇවිල්ල‍ා ලෝකය විනාශ වී යයි.නමුත් ලෝකය විනාශ වෙනවා කියන්නේ පෘතුවිය විනාශ වෙනවා කියන එක නෙමෙයි. පෘතුවියේ මිනිසුන් සහ සතුන් විනාශ වෙන එකයි.හැම ආගමකම ලෝකය විනාශ වෙනවා කියලා තියනවා.ඒවා ( ආගම්) ඔක්කොමත් මිනිසුන්ගේ නිර්මාණනේ. (නි)

:       0       0

ගන්දර සයිමොන් Tuesday, 29 April 2014 05:02 PM

ලෝකය විනාශ වීමේ අදහස මිනිස් වරගයා සමුල ඝාතනය වීමයි. කෙසේවෙතත් ශත වර්ෂ කිහිපයක් යන විට මිනිස් වාසයට නුසුදුසු ලෙස පෘතුවිය විනාශ වෙනවා, න්‍යෂ්ටික අවි පාවිච්චි කළහොත් (නි)

:       0       0

රූපවතී Wednesday, 30 April 2014 04:49 PM

ප්‍රිය ..ඔයාගේ කතාව දැකල මට හිනා වරුසාවයි .අනේ ..! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site