රුසියන් ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට, ඇමෙරිකන් ඩොලර් බිලියන 1.34 ක මුදල් ආධාර පැකේජයක් හිමිවිය.
රුසියන් ආක්‍රමණය හේතුවෙන් අඩපණ වුණු යුක්රේනයට ආර්ථික ස්ථාවරත්වයක් ලබා දීමේ අපේක්ෂාවෙන්, මෙම මුදල් ආධාර ලබා දුන් බව ලෝක බැංකුව අවධාරණය කර තිබේ.
රුසියන් ආක්‍රමණය හමුවේ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, යුක්රේනයට මුදල් ආධාර සහ යුද ආධාර ලබා දෙයි.
යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 60 ක මුදලක් ලබා දීමට බයිඩන් පරිපාලනය තීරණය කර ඇති නමුත්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ඊට හිමිවී නැත. ඒ ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයන් එම යෝජනාවට විරෝධය පළ කරන බැවිනි.
ලෝක බැංකුවේ සහාය යුක්රේන රජයට හිමිවූයේ එවැනි අවස්ථාවකය. යුරෝපා සංගමයෙන් ද යුක්රේන රජයට මුදල් ආධාර ලැබීමට නියමිත නමුත් එම මුදල් ද ප්‍රමාද වී තිබේ.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලෝක බැංකුවෙන් බිලියන 1.34 ක් යුක්රේනයට