එංගලන්තයේ ලැංකෂයර් ප්‍රාන්තයේ ක්ලිත්රෝ හි පැවැති ලීග් ක්‍රිකට් තරගයකදී වාර්තා පොත් අලුත් කරමින් පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කිරීමට ශ්‍රී ලාංකිකයකු වන ජනක ගුණරත්න සමත් විය.
ඔහු එම තරගය ක්‍රීඩා කළේ ලැංකෂයර් කුසලානය වෙනුවෙන් ක්ලිත්රෝ කණ්ඩායමටය. ප්‍රතිවාදී කණ්ඩායමේ ජෝර්ඩ්න් බ්‍රිට්ක්ලිෆ්ගේ පන්දුවක් හමුවේ තමා මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියද ඔහු යැවූ පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් ඔහුට පිටියේ රැඳී සිටීමේ වාසනාව උදාවිය.
එම තරගයේදී නොදැවී ලකුණු 79 ක් ලැබූ ජනක ගුණරත්න ක්ලිත්රෝ ඉනිමේ අවසන් පන්දුවාරය යැවූ ඉයන් බ්‍රිට්ක්ලිෆ්ගේ පන්දුවාරයට හයේ පහර හයක් එල්ල කිරීමට සමත්විය.
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවේ ඉපදුණු ජනක එංගලන්තයේ වැඩ පෙන්වයි
කේම්බ්‍රියන් Saturday, 08 August 2015 12:16 PM
මොරටුව වේල්ස් කුමාර විදුහලේ තවත් ආදී සිසුවෙක්. ඔබට ජය ! (නදී)
සිසිර Thursday, 06 August 2015 05:11 AM
මෙයට ලංකාවේ කණ්ඩායමට තේරන්න බැරි වුණාද? (ම)
නිශාන්ත වීරසිංහ Sunday, 09 August 2015 06:14 AM
අපේ කොල්ලෙක් අමතක වේද ශ්‍රී ලංකාව මවට (නදී)
චින්තක Sunday, 09 August 2015 01:18 PM
සම්පත්, ඔයාගේ ඔය ලෙඩේට කියන්නේ කුහකකම කියලා. වෙන කෙනෙකුගේ දියුණුවක් විශේෂයෙන් තමන්ට ලබාගන්න බැරි දෙයක් වෙන රටක ගිහින් හරි ගත්තහම ඊර්ෂ්‍යාවේ පැලෙන්න හදනවා. ඊටපස්සේ ඒක පිටකරන්නේ බොරු ජාතික ආල, ජාතියේ යුතුකම් ඉස්සරහට දාගෙන. ඔයා වගේ මිනිස්සු නිසා තමයි රට යන ගොඩක් මිනිස්සු ආපහු එන්න මැළිවෙන්නේ. ඔයාටත් යන්න අවස්ථාවක් ආවා නම් අපිටත් බලාගන්න තිබුණා මහා ලොකු ජාති හිතෛශියාගේ වැඩ. මතක තියාගන්න ලංකාවෙන් ගිය මිනිස්සු ලොකුම ලොකු දෙයක් කරන්නේ රටට විදේශ විනිමය හොයලා. තව ඒ මිනිස්සු බැනුම් අහන්නත් ඕනෑ ඔයා වගේ නිදහස් අධ්‍යාපනය අරන් රටට කිසි වැඩක් නොකර අනුන්ට දොසක් කිය කියා ඉන්න මිනුස්සු නඩත්තු කරලත්. (නි)
ද සිල්වා බර්ලින් Friday, 07 August 2015 09:17 AM
අන්න අද දනන්ජය සිල්වා 0 , කවුෂාල් සිල්වා 0, උපුල් තරංග 0 , කුසල් ජනිත් 0 , තිරිමාන්න 5, දැවී ගිහින්. කරුණාකර තේරීම් කමිටුව ජනක ගුණරත්න සහ ලංකාවේ තව සැගවුන දක්ෂතා ගැනත් සලකල බලන්න. නැත්නම් ඉන්දියාව සමග තරඟාවලියත් පැරදී බංගලාදේශයෙනුත් හොඳට කන දිනය වැඩි ඈතක නොවේ (නදී)
මධූ Friday, 07 August 2015 09:23 AM
අපේ රටට ආඩම්බරයක් (නදී)
පහන් Thursday, 06 August 2015 05:25 AM
බොරු කියන්නේ මොකටද මටනම් තුන් ඉරියව්වම බැහැ.(ම)
චූලක Thursday, 06 August 2015 05:42 AM
සුබ පතනවා! (නි)
පියලාල් Friday, 07 August 2015 03:57 PM
පන්දු යවන්නා සහ පන්දු රකින්නන් දුර්වල නම් පන්දුවට පහර දෙන්නා ප්‍රබල විය හැක.මෙතෙන්දි මෙහෙම ගැහුවට දක්‍ෂ කණ්ඩායම් සමඟ අමාරු වෙන්නත් පුලුවන්. (නි)
ප්‍රබාත් Friday, 07 August 2015 05:04 PM
නුඹ රටට ආඩම්බරයක් පුතේ (නි)
ද සිල්වා බර්ලින් Thursday, 06 August 2015 07:57 PM
සම්පත්ගේ කියමනේ තේරුම මට නොවැටහේ. නිදහස් අධ්‍යාපනය ,සෞඛ්‍ය පහසුකම් ශ්‍රී ලාංකික පුරවැසියකුගේ අයිතියක්.නමුත් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය මොහුව තෝරාගෙන නැහැ. මොහු ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට තරඟ කරන්න බැහැ කියලත් නැහැ.සමහරවිට ලංකාවෙන් මොහුට කතාකළොත් මොහු ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරාවි. (නි)
දහම් Friday, 07 August 2015 06:39 AM
සම්පත් මේ සැරේ ඡන්දය දෙන්නේ බදු මුදල් සූරන් කන්නේ නැති කෙනකුටද? බොක්කේ දඩමස් නෑ නේද ? (බ)
සම්පත් Wednesday, 05 August 2015 12:37 PM
නමුත් ලංකාවේ දුප්පත් ජනතාවගේ බදු මුදලින් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳපු එක සමහරුන්ට මතක නැහැ. ඒක ගැන දුකයි. (නි)
ශ්‍රීසර Thursday, 06 August 2015 12:27 AM
ජනක එම තරඟයේදි පන්දු යවමින් කඩුලු 8ක් දවාගෙන තිබෙනවා. http://clitheroe.play-cricket.com/website/results/2377037 (නි)
රකිත් Friday, 07 August 2015 12:24 AM
සුබ පැතුම්! (නි)
ශානක Saturday, 08 August 2015 02:02 AM
සම්පත් මේ රටේ කෙනෙක් නෙමෙයිද? (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 06 August 2015 08:00 AM
පහන් එකම ඉරියව්ව ....නිතරම හොඳ නෑ....තව ඉරියව් කීපයක් වත් පුරුදු පුහුණු වෙන්නම වෙනවා මේ ලෝකේ යන හැටියට.....හැම දීම මල්ටි සිස්ටම් නේ .....(නදී)
ආසිරි Sunday, 09 August 2015 04:58 AM
නියමයි (නදී)
ඩයස් Sunday, 09 August 2015 05:23 AM
ලංකාවේ හිටියා නම්...? (නි)
සමන් වැලිකල Wednesday, 05 August 2015 03:19 PM
ජයවේව කොල්ලෝ. ලංකාවේ හිටියානම් නම අහන්නත් හම්බ වෙන්නේ නෑ (බ)