ලොව ජීවත් වීමට සුදුසුම නගරය ඕස්ට්‍රියාවේ වියානා නගරය යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ ඇමෙරිකාවේ ‘ඉකොනොමින්ස්ට්’ ආර්ථික විද්‍යා සගරාව මැදිඑත් වී සිදු කළ සමීක්ෂණ වාර්තා අනුවය.
‘ඉකොනොමින්ස්ට්’ සඟරාව සෑම වසරකම, ලොව ජීවත් වීමට සුදුසුම නගරය ප්‍රකාශයට පත් කරයි. ඒ, ජනමත සමීක්ෂණ අනුවය. ඒ අනුව මෙම 2022 වසරේ ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ‘ඉකොනොමිස්ට්’ සඟරාව තෝරා ඇත්තේ වියානා නුවරය.
රුසියන් ආක්‍රමණය හේතුවෙන්, යුක්රේනයේ කීව් අගනුවර මෙම ජනමත සමීක්ෂණයට මෙවර ඇතුළත් නොවිණි. බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් එරට මොස්කව් අගනුවර සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ද ලැයිස්තුවේ පහළ අගයක් ගෙන ඇතැයි පැවැසෙයි.
මීට පෙර ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ‘ඉකොනොමින්ස්ට්’ සඟරාව නම් කර තිබුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්ය. කෙසේ නමුත් මේ වසරේ වියානා නුවරට ඕක්ලන්ඩ් නුවර අභිබවා යෑමට හැකි විය.
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පැනැවූ තහංචි හේතුවෙන් ඕක්ලන්ඩ් නුවර මෙවර 34 වැනි ස්ථානයට පත් වී තිබේ. 2018 සහ 2019 වසරවලදී ද ලොව ජීවත් වීමට සුදුසුම නගරය වූයේ වියානාය. කෙසේ නමුත් 2021 දී එය වෙනස් වූයේ වියානා නගරය 12 වැනි ස්ථානයට පත් වෙමිනි.
(රොයිටර්)
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලෝකයේ ජීවත්වීමට සුදුසුම නගරය