ගෝලීය වසංගතයක් නිර්මාණය කළ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා බිලියනයක ප්‍රමාණයක් මෙම වසරේත්, ලබන 2022 වසරේත් ලොව එන්නත් අවශ්‍යතාව ඇති සියලු රටවලට බෙදා දීමට 'ජී7' නායකයන් එකඟත්වය පළ කර ඇත.
ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව 'ජී7' ලෙස හැඳින්වෙයි. 'ජී7' සමුළුව අද (11) මහා බ්‍රිතාන්‍යයේ කෝන්වොල් ප්‍රාන්තයේ ආරම්භ විය. මහා බ්‍රිතාන්‍යය, කැනඩාය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ ඇමෙරිකාව 'ජී7' සමුළුවට අයත් ය.
ජෝ බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ලෙස සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් මහා බ්‍රිතාන්‍ය බල ගොස් ඇත්තේ මෙම සමුළුවට සහභාගී වීමටය. ඇමෙරිකා ජනාධිපති සමුළුවට සහභාගී වුවත් සෙසු රටවල නායකයන් සමුළුවට සහභාගී වූයේ සූම් තාක්ෂණය ඔස්සේය.
ඇමෙරිකා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයට පැමිණෙද්දී කියා සිටියේ ඇමෙරිකාව දිළිඳු සහ අඩු ආදායම්ලාභී රටවල් 92 කට 'ෆයිසර්' එන්නත් මාත්‍රා මිලියන 500 ක් ප්‍රධානය කිරීමට සූදානම් බවය. මේ වනවිට ප්‍රංශය සහ ජපානය ද ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් අවශ්‍යඨ රටවලට එන්නත් ලබා දීම සිදු කරමින් පවතී.
(රොයිටර්)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ලෝකයට එන්නත් බිලියනයක් දෙනවා
Sri Lanka Friday, 11 June 2021 11:05 PM
නිකන්ද? බඩුත් හාමුදුරුවන්ගේ... නඩුත් හාමුදුරුවන්ගේ...!!!