ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති ධුරය වෙනුවෙන් තරග වදින ප‍්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා වන කොංග‍්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි සහ විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි අතර ද්වන්ධ සටන පෙරේදා (27) ඇරැඹිණි.
පාලක කොංග‍්‍රස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාහුල් ගාන්ධි සහ විපක්ෂ නායක මෝඩිගේ මංගල ජන රැලි පෙරේදා පැවැත්විණි.
රාහුල් ගාන්ධිගේ මංගල ජන රැුලිය පැවැත්වුණේ නවදිල්ලි නුවරය. මෝඩිගේ රැලිය පැවැත්වුණේ බිහාර් ප‍්‍රාන්තයේ පැට්නා නුවරය.
මෝඩිගේ රැලිය ඉලක්ක කර ගනිමින් කුඩා බෝම්බ පහක් පුපුරා ගියේය. බෝම්බ ප‍්‍රහාරයෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් 20 දෙනෙක් තුවාල ලැබූහ.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති අතර, ඒ ගැන පරීක්ෂණ දිගටම සිදුවෙයි.
පැය කිහිපයකට පසු, ආරක්ෂාව තර කිරීමෙන් අනතුරුව ජන රැලිය පැවැත්වුණු අතර පක්ෂ ආධාරකරුවන් අමතමින් මෝඩි කියා සිටියේ, තම ඉදිරි ජයග‍්‍රහණ නැවැත්වීමට කිසිම බලවේගයකට හැකියාවක් නැති බවය.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාහුල්-මෝඩි ඡන්ද සටන ඇරැඹෙයි
දර්ශන් Tuesday, 29 October 2013 11:53 AM
රාහුල් තමා දිනන්නේ, අනිත් එක් කෙනාට මිනිස්සු කැමති නැහැලු. (ස)