IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රෝහලේ ගින්නෙන් 89 ක් මියයෑම:වගකිවයුත්තන්ට දැඩි දඬුවම්

ඉන්දියාවේ කොල්කටා නුවර පෞද්ගලික රෝහලේ හටගත් ගින්නෙන් එහි ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 89 දෙනකු මියයෑමේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දැඩි දඬුවම් පැමිණවීමට තමා බලාපොරොත්තු වන බව බටහිර බෙංගාල ප‍්‍රාන්ත මහ ඇමැතිනී මම්තා බෙනර්ජී පවසයි. ගින්න හටගත්තේ බටහිර බෙංගාලයේ කොල්කටා නුවර අම්රී නමැති පෞද්ගලික රෝහලේය. ගින්න හටගෙන ඇත්තේ ඉකුත් සිකුරාදා (9) අලූයම 3 ට පමණය. බිම් මහලෙන් ආරම්භ වූ ගින්න මහල් පහකින් සමන්විත රෝහල පුරා පැතිරෙද්දී එහි රෝගීහු 160 දෙනෙක් ප‍්‍රතිකාර ගනිමින් සිටියහ. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් පැය කීපයක් ප‍්‍රමාද වී පැමිණීම ගැනත්, රෝහලේ නඩත්තු කටයුතු නිසි ලෙස සිදු වූයේදැයි  සෙවීමටත් පරීක්ෂණ කණ්ඩායම් පත්කර ඇතැයි ද මහ ඇමැතිනී බෙනර්ජී පෙරේදා (10) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියාය. අම්රී රෝහලේ මීට පෙර ද ගින්නක් හටගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි. ගින්නට හේතුව රෝහල නිසි ලෙස නඩත්තු නොකිරීම යැයි ඔප්පු වුවහොත් රෝහල් බලධාරීන්ට නීති මගින් කටයුතු කරන බව ද මහ ඇමැතිනිය මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියාය. ගින්න පැතිර යද්දී රෝගීන් බේරා ගැනීමට රෝහලේ කාර්ය මණ්ඩලය ඉදිරිපත් නොවූ බවට මියගිය රෝගීන්ගේ ඥාතීන් කරන ප‍්‍රකාශයක් ගැන ද තම අවධානය යොමු වී ඇතැයි මහ ඇමැතිනිය ප‍්‍රකාශ කළාය. ගින්න හටගත් අවස්ථාවේදී රෝගීන් අසල පිහිටි වෙනත් රෝහලකට රැගෙන යෑමට තමන් යුහුසුළුව කටයුතු කළ බව අම්රී රෝහල් බලධාරීහු පවසති.



අදහස් (0)

රෝහලේ ගින්නෙන් 89 ක් මියයෑම:වගකිවයුත්තන්ට දැඩි දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site