දකුණු අපි‍්‍රකා හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා, ඉකුත් ජූනි 8 වැනිදා, රෝහල් ගත කළ අවස්ථාවේදී, ඔහු රෝහලට රැගෙන ගිය ගිලන් රථය හදිසිසේ මහ මඟ නැවැතී ඇති බවටත්, වෙනත් ගිලන් රථයක් පැමිණෙන තුරු වෛද්‍ය ආධාරකරුවන් මැන්ඩෙලා සීතලේ එළිමහනේ රඳවා ගෙන සිටි බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
ගිලන් රථය අතරමඟ නැවැතී ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙනි. වෙනත් ගිලන් රථයක් පැමිණ මැන්ඩෙලා රෝහලට ගෙන ගොස් ඇත්තේ පැය භාගයකට පමණ පසුවය.
සිද්ධිය සම්බන්ධයෙන් ජොහැන්ස්බර්ග් නුවර රෝහල් බලධාරීන්ට දොස් අහන්න සිදුවී ඇතැයි ද එරට පුවත් සේවා පෙරේදා (22) අනාවරණය කළේය.
දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදය තුරන් කළ මානව දයාවෙන් පිරි අසහාය නායකයකු ලෙස ලොව කාගේත් ආදරයටත් ගෞරවයටත් පාත‍්‍ර වූ මැන්ඩෙලා තවමත් සිටින්නේ රෝහල් ගත කරය. ඔහුගේ තත්ත්වය බරපතළ නමුත්, ඔහු ස්ථාවර තත්ත්වයක පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රෝහල් ගත කරද්දී මැන්ඩෙලාට ඇබැද්දියක්