IMG-LOGO

රෝහිනග්‍යා වැසියන් බේරා ගන්නා ලෙස එ.ජා. සංවිධානය ඉල්ලයි

බංගලාදේශ වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක අනතුරට පත්වී සිටින රෝහින්ග්‍යා වැසියන් පිරිසක් බේරා ගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ඉල්ලා සිටීයි.

ඔවුන් සිටින බෝට්ටුව දින 10ක පමණ කාලයක් තිස්සේ අන්දමන් සහ නිකොබාර් දූපත් අසල සිරවී ඇතැයි විශ්වාස කෙරේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "ජීවිත බේරා ගැනීමට සහ ඛේදවාචකයක් ඇතිවීම වැළැක්වීමට ක්ෂණික ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි, ඔවුන් මුදවාගැනීම කටයුතු කරන ලෙස අප සියලු රජයන්ගෙන් ඉල්ලා සිටිමු." යනුවෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ යාත්‍රාවේ ජලය සහ ආහාර අවසන් වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
යාත්‍රාවේ සිටි පුද්ගලයනන් අට දෙනකු පමණ මියගොස් ඇතැයි මානව හිමිකම් කණ්ඩායමක් වන අරකන් සංවිධානය පවසයි. නෞකාවේ කාන්තාවන් 65 දෙනකු ද පිරිමි 90 දෙනකු ද සිටින බව ද ඔවුහු පවසති.

"ඔවුන්ගේ ආහාර සහ ජලය අවසන් වි ඇත. එබැවින් ඔවුන් මුහුදු ජලය පානය කරයි." යනුවෙන් එම සංවිධානය පවසයි.කෙසේවුවද ඉන්දියානු නාවුක හමුදාව හා වෙරළාරක්ෂක බලකාය පවසන්නේ ඔවුන්ට ආහාර හා ජලය ලබාදුන් බවයි.

රෝහින්ග්‍යා වැසියන් 740,000කට වැඩි පිරිසක් මියන්මාරයේ සිට අසල්වැසි බංගලාදේශයට පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන් බහුතරයක් සරණාගත කඳවුරු වල ජීවත් වෙති.

එක්සත් ජාතීන්ගේ වාර්තා පවසන්නේ රෝහිනග්‍යා වැසියන් 200 කට වැඩි පිරිසක් පසුගිය වසරේදී මුහුදේදි මියගොස් හෝ අතුරුදන්ව ඇතැයි විශ්වාස කරන බවයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

රෝහිනග්‍යා වැසියන් බේරා ගන්නා ලෙස එ.ජා. සංවිධානය ඉල්ලයි

anula Thursday, 25 February 2021 05:57 AM

අරාබිකරයේ කොච්චර ඉඩ තියෙනවද? ඒ රටවල් මුදල් අතිනුත් පොහොසත්.. ඇයි ඒ අය මේ මුස්ලිම් වැසියන් බාර නොගන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 92 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site