
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව විසින් යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි හයෙන් ප්‍රධාන කොන්දේසියක් වූ යුක්රේනය කිසිම සංවිධානයකට හෝ රාජ්‍යයකට පක්ෂ පාති නොවූ ස්වාධීන රාජ්‍යයක් විය යුතුයි යන කොන්දේසිය සලකා බැලීමට සුදානම් බව රුසියානු නිදහස් පුවත් සේවයකට විනාඩි 90 ක සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ.
රුසියාව සමග යුද්ධය සඳහා නතර කිරීම සඳහා යුක්රේනය අපක්ෂපාති රාජ්‍යයක් වීමට ලෙස තම රාජ්‍ය ස්ථාවරය වෙනස් කිරීමට සුදානම් වුවත් එය යුක්රේනය තුළ ජනමත විචාරණයකින් අනුමත විය යුතු යැයි ජනාධිපති සෙලෙන්ස්කි පැහැදිලි කර ඇත.
රුසියානු රජය විසින් එම සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය කිරීම තහනම් කෙරූ නමුත් ජනාධිපති සෙලෙන්ස්කි ගේ නිල ටෙලිග්‍රෑම් ගිණුමේ සම්මුඛ සාකච්ඡාව පිළිබඳ වීඩියෝවක් පළ කර තිබුණි.1991 යුක්රේනය නිදහස ලැබීමත් සමග අපක්ෂපාති රාජ්‍යයක් ලෙස තම ස්ථාවරය ප්‍රසිද්ධියට පත් කළත් 2014 රුසියාව ක්‍රයිමියා අර්ධද්වීපය අල්ලා ගැනීමත් සමග යුක්රේන පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් නේටෝ සංවිධානයේ සහ යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අරමුණින් ව්‍යවස්ථාව සංශෝධනය කළ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කෙසේ නමුත් එහිදී යුක්රේනයේ ආරක්ෂාව තුන්වෙනි පාර්ශවයන් මගින් තහවුරු කළ යුතු බව ජනාධිපති සෙලෙන්ස්කි වැඩිදුරටත් පවසා ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
547
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1693
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ කොන්දේසියකට යුක්රේනය එකඟයි
Bamunuarachchi Wednesday, 30 March 2022 04:24 PM
පුටින් මොලේ පෑදෙන්නම ටොක්ක ඇන්නා.