යුක්රේනය සම්බන්ධයෙන් පනවා තිබූ ආර්ථික සම්බාධක තවදුරටත් පුළුල් කිරීමට රුසියාව තීරණය කර ඇත.
ඒ අනුව පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් සහ ව්‍යාපාර කිහිපයක් අසාදු ලේඛනයට ඇතුළත් කරමින් පළමු වතාවට මෙම තීරණය ගැනීම නොවැම්බර් මාසයේ ආරම්භ කර ඇත.
රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙන්ඩලීව්ගේ නියෝගය අනුව යුක්රේනයේ පුද්ගලයින් 245 දෙනෙකුට සහ ව්‍යපාර ආයතන හතක් මෙසේ සම්බාධකවලට යටත් කර ඇත.
එම ආයතනවලින් බහුතරයක් බලශක්ති සහ ආරක්ෂක කටයුතුවලට අදාළව ක්‍රියාත්මක වන ආයතන වේ.
රුසියානු පක්ෂපාතී නායකයාට එරෙහි 2014 කැරැල්ලෙන් පසුව බටහිරට පක්ෂපාතී ආණ්ඩුවක් බලයට පැමිණීම සහ නැගෙනහිර යුක්රේනයේ යුද්ධය පැතිරයාම හේතුවෙන් රුසියාවේ අගනුවර වන මොස්කව් නගරය සහ යුක්රේනයේ අගනුවර වන කිව් නගරය අතර සම්බන්දතා පලුදු වීම ආරම්භවී ඇත.
මේ වන විට යුක්රේනයේ පුද්ගලයින් 567 දෙනෙක් සහ යුක්රේන සමාගම් 75 ක් රුසියාවේ ආර්ථික සම්බාධකවලට මුහුණ පා සිටිති. මේ බොහෝ දෙනාට රුසියාවේ විවිධ වත්කම් තිබෙන බව වාර්තා වේ.
(63226)
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවෙන් යුක්රේනයට තවත් සම්බාධක