IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියාවෙන් පාකිස්තානයට ගෑස් නළ මාර්ගයක්

රුසියාවේ සිට පාකිස්තානයට ගෑස් නළ මාර්ගයක් විවෘත කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ.

රුසියන් ජනාධිපතිවරයා මෙසේ කැමැත්ත පළ කර ඇත්තේ උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සමගාමීව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවෙමිනි. අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු, ෂෙහ්බාස් ෂරීෆ් සහ රුසියන් ජනාධිපති පුටින් අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි.

පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. පසුගිය දා අධික මෝසම් වැසි හේතුවෙන් පාකිස්තානය දරුණු ජල ගැලීම් තත්ත්වයකට ද මුහුණ දුන්නේය. ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 1,500 ට වැඩිය.

ආර්ථික අර්බුදය හමුවේ, රුසියාව තමන්ට ගෑස් සැපැයුම් මාර්ගයක් විවෘත කිරීමට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය ස්තුති කිරීමට ද අමතක නොකළේය.

ද්වි පාර්ශ්වික සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අසුන් ගත් අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, ‘ඉයර්ෆෝන්’ උපාංගය කණට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමෙනි. මෙය රුසියන් ජනපති පුටින්ට විහිළුවක් වූ බව ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවෙන් පාකිස්තානයට ගෑස් නළ මාර්ගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 489 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site