වොෂින්ටනයේදීය (රොයිටර්)
රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර යෝජනාව සම්මත කරගැනීමට සෙනට් සභාව කටයුතු කර ඇතැයි වාර්තා විය.
මෙම තීරණයත් සමඟ ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා රුසියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට දරන උත්සාහයට බාධා එල්ල වනු ඇතැයි පැවසේ. රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂ ඡන්ද 98ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 2ක් පමණි. විපක්ෂව ඡන්දය ලබා දී තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂ සෙනට් සභික රෑන්ඞ් පෝල් සහ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ කටයුතු කරන බර්නි සැන්ඩර්ස් පමණි.
පසුගිය වසරේ පැවැති ඇමෙරිකා ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත්වීම, යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය බලෙන් අත්පත් කරගැනීම සහ වසර හයක් තිස්සේ පවතින සිරියානු සිවිල් යුද්ධයේදී සිරියානු ආණ්ඩුවට සහාය දීම යන කරුණුවලට චෝදනා කරමින් ඇමෙරිකාව මෙලෙස රුසියාවට සම්බාධක පැනවීමට තීරණය කර තිබේ.
- 055
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවට සහ ඉරානයට ඇමෙරිකාවෙන් සම්බාධක
Chamal Saturday, 17 June 2017 01:54 AM
ඇමෙරිකාවේ ගොන්වැඩ තමයි ඕවා
MohamedGM Saturday, 17 June 2017 08:01 AM
දැන් තේරෙනවද isis නායකයාව මරපුඑකේ ප්‍රතිපලය රුසියාවට ලැබෙන හැටි ? මේක තේරුම් ගන්න බැරි අය කොච්චර නම් අපේ රටේ ඉන්නවද.
Nandalal DE SILVA - France Saturday, 17 June 2017 10:22 AM
හිතුමතේ තීන්දු තීරණ ගන්නා අමෙරිකානු ජනාධිපතිට එරෙහිව එන්න එන්නම විරෝධතා වැඩිවීගෙන එනවා. එයාගේ සමහර කතාබහ තීන්දු එහෙම ලෝක සාමයට තර්ජනයක් වෙන්නත් බැරි නැහැ. රටක ජනාධිපතිට සිය කැමැත්ත අනුව රට පාලනය කිරීමට බැරි බව හෝ ඉඩ නොදෙන බව ඇමෙරිකා සෙනට් සභාව නිර්භිතවම ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මීට පසුව වත් "පනින්න පෙර සිතා බලනු" කියන වැකිය සිහියේ තබා ගනීවිද දන්නේ නැහැ !!!