සිරියාව වෙත රුසියාවෙන් එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් සිරියාවේ සාමාන්‍ය වැසියන් සිය ගණනකගේ ජීවිත අහිමි වී ඇති අතර මිනිසුන් පදිංචි ප්‍රදේශ විශාල වශයෙන් විනාශයට පත්ව ඇතැයි පසුගිය බදාදා නිකුත් කළ වාර්ථාවකින් ඇමිනෙස්ටි ජාත්‍යන්තර සංවිධානය පවසයි.
මේ ප්‍රහාර දියත් කළ ආකාරය ජාත්‍යන්තර යුධ නිති උල්ලංඝනය කිරීමක් බවට මානව හිමිකම් සංවිධාන ද චෝදනා කරයි. රුසියාව පසුගිය සැප්තැම්බරයේ සිට මේ ප්‍රහාර එල්ල කරන ලද්දේ සිරියාවේ ජනාධිපති බසා අල් අසාද් මහතාට සහයෝගය දක්වමිනි.
රුසියාව ප්‍රකාශ කරන්නේ ඔවුන් ත්‍රස්තවාදී ඉලක්කවලට පමනක් ප්‍රහාර එල්ල කරන ලද බවයි. රුසියාව අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර නොගෙන රුසියානු විරුද්ධවාදී කණ්ඩායම් ඉලක්ක කරගත් බව ඇමෙරිකාව චෝදනා කරයි.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවටත් මානව හිමිකම් චෝදනා ?
චන්න බුවනක Friday, 25 December 2015 05:30 AM
මොනවා හරි තිබුන භීෂණ තත්ත්වය මද පවත්වපු එක ලොකු දෙයක්. (අ)
ප්‍රනාන්දු - පැරිස් Friday, 25 December 2015 04:50 PM
සුදාර, ඔබ නොදන්නා දේවල් ගැන මෙහි ඔබව කෙටි පහැදිලි කිරීමකින් දැනුවත් කල නොහැකියි කරුණාකර ඇමරිකාව සහා යුරෝපය ගැන පසු විපරමක් කරන්න . (ර)
හිමල් Friday, 25 December 2015 05:49 AM
ඇමිනෙස්ටි ආයතනය රුසියාවට විතරක් නෙවෙයි ඇමරිකාව,ඊශ්‍රායලය වගේ රටවලටත් මේ වගේ චෝදනා නඟනවා.මෙතන රුසියාව නෙවෙයි ඕනම රටක් මේ ප්‍රශ්නයට අත දාන්නේ තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව.එහෙම නැතුව අනුකම්පාවට නෙවෙයි. (අ)
නාමල් Friday, 25 December 2015 06:18 AM
ලංකාවේ සමහර මිනිස්සු පුටින්ව වීරයෙක් කලා.. නමුත් යුරෝපයේ රටවල ඉන්න රුසියානුවොත් එක්ක කතාකල කෙනෙක් දන්නවා රුසියාව කොතරම් ඒකාධිපති රටක්ද කියා.. (කෞ)
සුදාර Friday, 25 December 2015 06:20 AM
ප්‍රනාන්දු දන්නා දෙයක් කතා කරන්න.. සිරියාව හොරාකෑවේ එහි ඉන්න ඒකාධිපති අසාද්.. අසාද් තමන්ගෙ තෙල් විකුනන්නේ රුසියාවට (කෞ)
රිචි බාලසුරිය Friday, 25 December 2015 08:19 PM
සුදාර, ඔබ ලෝකය ගැන නොදැන ප්‍රනාන්දුට දොස් කියන්න එපා. රුසියාවට කාගේවත් තෙල් ඕනෑ නැහැ. රුසියාව කියන්නේ තෙල් ආකරයක්. (නි)
උපාලි Saturday, 26 December 2015 12:49 AM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
සමන් Saturday, 26 December 2015 01:56 AM
නාමල්, ඔබ හරි (නි)
සනත් ගුනවර්දන ස්විස් Friday, 25 December 2015 10:33 AM
මේ මානව හිමිකම් කමිටු සියල්ල චෝදනා එල්ල කරන්නේ , බටහිර විරෝධී රටවලට පමණයි , ලෝකයේ බහුලව මානව හිමිකම් කඩ කරන මැද පෙරදිග රටවල් සහ ඇමරිකාවට එරෙහිව මොවුන් ක්‍රියා කිරීමක් හෝ හඬක් නෑගිමත් නැහැ , හේතුව ඔවුන්ගේ සල්ලි මල්ලට යට වීමත් , මේවායේ මානව හිමිකම් කමිටු වල ලොකු ලොක්කන් බටහිර රටවල එම රටවල ගැත්තන් නිසාත් (අ)
අරුණ Saturday, 26 December 2015 04:07 AM
සුදාරත් යහපාලනයට කැමතියි වගේ නේද? (නි)
ප්‍රනාන්දු Thursday, 24 December 2015 10:58 PM
රුසියාව නිසා සිරියාව හොරාකෑමට ඇතිවී ඇති අපහසුතාවයට දැන් ඔවුන් කදුළු සළනවා (නි)
මොහාන් Sunday, 27 December 2015 09:48 AM
නාමල් ඔයානම් කැමති ඇමෙරිකන් රූකඩ වලට බව පේනවා. (ර)