
රුසියාව, වසර 47 කට පසු, සඳට රොබෝ ගවේෂණ යානයක් යැවීය. සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිත මෙම යානයේ අරමුණ, සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරීක්ෂා කිරීමය..
‘ලූනා 25’ නමැති මෙම යානය, සඳ බලා යෑම අද (11) රුසියාවේ වේලාවෙන් උදේ 8.10 ට පමණ සිදුවිය. යානය අභ්‍යවකාශයට ගෙන යෑම සිදු කළේ රුසියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙවත් ‘රොස්කොස්මොස්’ ආයතනයට අයත් ‘සෝයුස් 2’ රොකට්ටුවේ ආධාරයෙනි.
‘ලූනා 25’ යානය රැගත් රොකට්ටුව, වොස්ටොච්නී අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් විය. ‘ලූනා 25’ යානය සඳට ගොඩබෑම සිදු කරනු ඇත්තේ ලබන අගෝස්තු 23 වැනිදාය.
රුසියාව, සඳට රොබෝ ගවේෂණ යානා යැවීම කළේ, සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේදීය. එදා සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතරේ පැවැතියේ නිරවි යුද්ධයකි.
අභ්‍යවකාශය ජය ගැනීම සහ සඳ තරණය වෙනුවෙන් දෙරට අතර සටනක් පැවැතිණි. එම සටන අවසන් වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය ගගනගාමීන් සඳට යැවීමෙන් පසුවය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියන් යානය අද සඳ බලා යයි
Ariyathilake Friday, 11 August 2023 09:56 AM
අභ්‍යවකාශය ජය ගැනීම සහ සඳ තරණය වෙනුවෙන් දෙරට අතර සටනක් පැවැතිණි. එම සටන අවසන් වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය ගගනගාමීන් සඳට යැවීමෙන් පසුවය. Boru danna epa oi...