
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර රුසියන් කොන්සල් කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන්, රුසියන් තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනකු ද ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
මරාගෙන මැරෙන බෝම්බකරු කාබුල් අගනුවර රුසියන් කොන්සල් කාර්යාලයට කඩා වැදීමට දිව එද්දී, කාර්යාලයේ ආරක්ෂාවට සිටි නිලධාරීන් ඔහුට වෙඩි තබන්න විය. වෙඩි ප්‍රහාරයට ලක් වෙමින් කොන්සල් කාර්යාලයේ ගේට්ටුවෙන් ඇතුළු වුණු බෝම්බකරු බෝම්බය පුපුරුවා ගෙන තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනකු රෝහල්ගත කළ බව ද පැවැසෙයි. කාබුල් අගනුවර කොන්සල් කාර්යාලයට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය සිය කනගාටුව පළ කර ඇත.
2021 අගෝස්තුවේ ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානය තලේබාන් පාලනයට නතුව පවතී. ඇෆ්ගනිස්තානයේ පවතින්නේ තලේබාන්වරුන් පිහිටුවාගත් රජයකි.
තලේබාන්වරුන් බලයට පත්වීමෙන් පසු එරට විදෙස් තානාපතිවරුන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු පළමු ප්‍රහාරය මෙයයි.
කොන්සල් කාර්යාලයට එල්ල වුණු මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම ඇෆ්ගනිස්තානයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලිය විසින් බාර ගනු ලැබ තිබේ. අයි.එස්.අයි.එස්. කල්ලිය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන අතර මොවුන් තලේබාන්වරුන්ට විරෝධය දක්වයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක්