IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


රුසියානු අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන කිරීමට ඉඩ ලබාදෙමින් තමා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන බව රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදෙව් මහතා අද (15) ප්‍රකාශ කළේය.

ශක්තිමත් ජනාධිපති ධුරයක් පවත්වාගෙන යන අතරම පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කොට පැය කිහිපයක් ගත වෙද්දි තමන් ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන බව රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදෙව් පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන කිරීම සඳහා ජනමත විමසුමක් පැවැත්විය යුතු යැයි ද රුසියානු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් අද කීවේය.

රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එරට ජනාධිපතිවරයා වාර්ෂිකව පාර්ලිමේන්තුව අමතා කතා කළ යුතුය. එහිදි ඒ වනවිට රුසියාවේ තත්ත්වය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය. මේ වසරේ වාර්ෂික කතාව කරමින් රුසියානු ජනාධිපති පුටින් ඉහත කරුණු සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුව ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තුවට බලය මාරු වන බවත් රුසියාවට නව අග්‍රාමාත්‍යවරයකු පත්වන බවත් දැනගන්නට ලැබේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමීපයේ සිටිමින් තමන් සහ ආණ්ඩුව ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය මෙද්වදෙව් නිවේදනය කළ අතර එය අද සජීවීව විකාශය කෙරුණි.මෙද්වදෙව් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානී තනතුරට පත්වනු ඇතැයි ද ජනාධිපති පුටින් කීවේය. එහි සභාපති ධුරය හොබවන්නේ පුටින්ය.

නව ආණ්ඩුවක් පත් කරන තුරු අඛණ්ඩව රාජකාරී කටයුතු කරගෙන යන ලෙසද ජනාධිපති පුටින් මහතා ඉල්ලා අස්වන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට පවතින ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයකුට එකවර අඛණ්ඩව දැරිය හැක්කේ ධුර කාල දෙකක පමණි.

ජනාධිපති පුටින් වර්තමානයේදී ජනාධිපති ධුරය දරන්නේ සිවුවැනි වරටය. ඒ අනුව ඔහු අඛණ්ඩව ධුර කාල දෙක බැගින් දෙවතාවක් ජනාධිපති ධුරය හොබවා ඇත.

පුටින් 2000 වසරේ සිට 2008 වසර දක්වා අඛණ්ඩව ධුර කාල දෙකක් ජනාධිපති ධුරය හෙබ වූ අතර 2012 වසරේදී තෙවැනි වරට ජනාධිපති ධුරයට පත්විය. ඔහු 2018 වසරේදී සිවුවැනි වරට ජනාධිපති ධුරයට පත්විය.

අඛණ්ඩව ධුර කාල දෙකකට වඩා ජනාධිපති ධුරය දැරීමට නොහැකි නිසා හෙතෙම 2008 වසරේ සිට 2012 වසර දක්වා රුසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. 

(ඒ.එෆ්.පී./රොයිටර්ස් ඇසුරිනි)

055



අදහස් (0)

රුසියානු අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 589 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site