IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රසායනික අවි විනාශ කරන්න ඩොලර් බිලියනයක් වැය වෙනවා

තමන් සතුව ඇති රසායනික අවි විනාශ කර දැමීමට ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් වැය වන බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටී.

සිරියාවේ රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කොට ඒවා විනාශ කර දැමීමට සිරියානු රජය මේ වනවිට කැමැත්ත පළ කළ ඇත.

එම යෝජනාවට ඇමෙරිකාවේත් සෙසු බටහිර රටවලත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අනුමැතිය හිමි වී තිබේ. යෝජනාව සකස් කළේ සිරියානු රජයේ හිතවතා වන රුසියාව මැදිහත් වීමෙනි.

එම යෝජනාවට අනුව වසරක් ඇතුළත සිරියානු රජය සතු රසායනික අවි තොග එක් රැස් කර විනාශ කළ යුතු යැයි ඇමෙරිකාව පවසා ඇත. සිරියානු රජය පවසන්නේ, තම රසායනික අවි එක් රැස්කර විනාශ කිරීමට වසරකට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවය.



අදහස් (0)

රසායනික අවි විනාශ කරන්න ඩොලර් බිලියනයක් වැය වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site