පුලිට්සර් සම්මානයට පාත්‍ර වූ ඉන්දීය ජාතික රොයිටර් ඡායාරූප මාධ්‍යවේදී දනීෂ් සිදික්කි, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාව අසල පුවත් වාර්තාකරණයේ යෙදී සිටියදී, ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් සහ ඇෆ්ගන් හමුදාව අතර සිදුවුණු වෙඩි හුවමාරුවකට මැදි වී ජීවිතක්ෂයට පත් විය.
දනීෂ් සිදික්කි, පුවත් වාර්තාකරණයේ නියැලී සිටියේ, ඇෆ්ගන් රජයේ හමුදාව සමඟය. ඔහු ජීවිතක්ෂයට පත්වූයේ තලේබාන් ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකිනි. පුලිට්සර් සම්මානයෙන් ද පිදුම් ලැබූ මොහු ඉන්දීය ජාතික මාධ්‍යවේදියෙකි. තලේබාන් ප්‍රකාශක සබියුල්ලා මුජහිද් මෙම මාධ්‍යවේදියා වෙඩි හුවමාරුවට හසුවී මියයෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කළේය.
මේ අතර ඇෆ්ගන් රජයේත්, එරට තලේබාන් සංවිධානයේත් ඉහළ පෙළේ නියෝජිතයෝ කටාර් රාජ්‍යයේ දෝහා නුවර පිහිටි තලේබාන් සාම කාර්යාලයේ දී විශේෂ හමුවක් පැවැත්වූහ. ඒ, ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම ආරම්භ කිරීමත් සමඟ තලේබාන් ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීම සම්බන්ධයෙනි.
පසුගිය වසර ගණනාව පුරාවට ඇමෙරිකන්, තලේබාන් සහ ඇෆ්ගන් නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වා සාම වැඩපිළිවෙළක් සකස් කළේ දෝහා නුවර මෙම තලේබාන් සාම කාර්යාලය හරහාය. එම සාම කාර්යාලය දෝහා හි පිහිටුවීම කර ඇත්තේ කටාර් රජයේ අනුග්‍රහයෙනි. තලේබාන් සංවිධානය වෙනුවෙන් සාකච්ඡා සඳහා අබ්දුල්ලා අබ්දුල්ලා සහභාගී විය.
ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා පිටව යද්දී තලේබාන් ත්‍රස්ත කල්ලි සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් අනුමත නොකරන බවත් තලේබාන් සංවිධානය සටන් විරාමයකට කැමැත්ත පළ කරන බවත් අබ්දුල්ලා අබ්දුල්ලා අවධාරණය කළේය.
තලේබාන් සංවිධානය දේශපාලන අංශය සහ සන්නද්ධ අංශය ආදී වශයෙන් කොටස් දෙකකි. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මෙම සන්නද්ධ අංශයට සම්බන්ධ ත්‍රස්ත කල්ලිය. මොවුන් අයි.එස්. සංවිධානය සමඟත් අල් කයිඩා සංවිධානය සමඟත් හවුල් වී සිටී.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රොයිටර් මාධ්‍යවේදියා වෙඩි හුවමාරුවකදී මරුට