වෙනත් ග්‍රහලෝකයක් මත වැඩිම දුර ප්‍රමාණයක් ආවරණය කිරීමේ වාර්තාවට හිමිකම් කිීමට අඟහරු ගවේෂණයේ යෙදෙන නාසා ආයතනයේ ඔපර්ටියුනිටි රොබෝ රෝවරය පසුගියදා සමත්විය.
2004 වසරේ අඟහරු මතට යැවුණු ඔපර්ටියුනිටි රොබෝ රෝවරය අද දක්වාම කි්‍රයාකාරීව පවතින අතර එය මේ වන විට අගහරු මත ආවරණය කර ඇති දුර ප්‍රමාණය සැතපුම් 25 කි.එය එදා මෙදා තුර රොබෝ රෝවරයක් අන් ග්‍රහයෙකු මත ආවරණය කර ඇති වැඩිම දුර ප්‍රමාණයයි.
මෙයට පෙර මේ වාර්තාවට හිමිකම් කීවේ 1973 වසරේ සඳ මතට යැවුණු සෝවියට් සංගමයේ ලූනොකොඩ් 2 රොබෝ රෝවරයයි.කි්‍රයාකාරීව පැවැති මාස 4 ක කාලය ඇතුලත ලූනොකොඩ් 2 රෝවරය සද මත ආවරණය කළ දුර ප්‍රමාණය සැතපුම් 24 කි.
ඔපර්ටියුනිටි රෝවරයේ වාර්තාව සුවිශේෂ වන්නේ එය මේ තරම් කාලයක් කි්‍රයාකාරීව පවතිනු ඇතැයි නාසා විද්‍යාඥයින් පවා සිතා නොතිබීම නිසාය.ඔවුන් පවසන ආකාරයට රෝවරයේ මෙහෙයුම ලෙස සැළසුම් කර තිබී ඇත්තේ අගහරු මත සැතපුමක තරම් කුඩා දුරක් තරණය කිරීමය.
විද්‍යාඥයින්ගේ මතයන් බිද හෙළමින් ඔපර්ටියුනිටි රෝවරය තවමත් කි්‍රයාකාරීව පවතී.
එයින් දැනටත් අඟහරු ග්‍රහයා සම්බන්ධ තොරතුරු පෘථීවියට ලැබේ.වසර ගණනාවක් පුරා එය අගහරු ග්‍රහයාගේ ‘එන්ඩේවර්‘ නම් ආවාටය ආසන්නයෙන් ගමන් කරමින් පෘථීවියට තොරතුරු සැපැයූ අතර දැන් එය ග්‍රහයාගේ විශේෂ ස්ථානයක් වන ‘අඟහරු නිම්නය‘ කරා ළගා වෙමින් සිටී.
ඔපර්ටියුනිටි මුලින්ම ගොඩබැසි ස්ථානයෙන් ලබාගත් තොරතුරු වලට අනුව අඟහරු මත ආම්ලික ජලය පැවැති පරිසර පද්දතියක් තිබී ඇතැයි අනාවරණය වුනි.
නමුත් එය විද්‍යාඥයින්ගේ අපේක්ෂිත ඉල්ක්කය බිද දමමින් මේ යමින් සිටින ගමනේදී හෙළිවී ඇති තොරතුරු වලට අනුව අඟහරු මත සිතා සිටියාට වඩා අඩු ආම්ලික මට්ටමකින් යුතු ජලය පැවැති පරිසර පද්දතීන්ද තිබී ඇති බවට සාක්ෂි හමුව තිබේ.
අඟහරු මත නාසා ආයතනයටම අයත් තවත් රොබෝ රෝවරයක් වන කියුරියෝසිටිද ක්‍රියාකාරීව පවතී.
2012 වසරේදී අඟහරු මතට යැවුණු එය මේ වන විට ආවරණය කර ඇති දුර ප්‍රමාණය සැතපුම් 6 කට ආසන්නය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රොබෝ රෝවරයෙන් වාර්තාවක්