IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


‘රොබෝවත් බොරු කාරයෙක්‘

අතුරුදන්ව මේ වන විට දින 68 ක් ගතව ඇති මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන ගුවන් යානය සොයා මුහුද පතුල හා මුහුද මතුපිට පිරික්සීම සදහා භාවිතා කළ බ්ලුෂින් 21 කිමිදුම් රොබෝවාගෙන් මේ දක්වා ලැබී ඇති දත්තයන් දෝෂ සහගත බව හෙළිවී තිබේ.

ඉන්දියන් සාගරය පිරික්සීමෙන් පසුව නැවත යානය සොයා මෙහෙයුම් ආරම්භ කළ යුත්තේ කෙසේදැයි සාකච්ඡා කිරීමටත් මේ දක්වා එකතු කර ගත් දත්ත  විශ්ලේෂණය කර බැලීමටත් මෙහෙයුම් සදහා එක්ව සිටින මලයාසියා, චීනය හා ඕස්ට්‍රේලියාව සැළසුම් කරමින් සිටියදී මේ බව අනාවරණයව ඇත.

යානය සොයා මුහුදු පතුල හා මුහුදු මතුපිට පීරමින් සිදු කළ විමර්ශන   සදහා යොදාගැනුණේ මේ බ්ලුෂින් 21 කිමිදුම් රොබෝවායි.රොබෝවා සම්ප්‍රේෂණය කරන තොරතුරු zzඕෂන් ෂීල්ඩ්zz නම් නෞකාවකින් ග්‍රහණය කර ගත්තේය.

හෙළිව ඇති කරුණු වලට අනුව රොබෝවාගේ මෙන්ම නෞකාවේද සවිකර තිබූ සම්ප්‍රේෂක උපකරණයන්ගේ ගැටලූ රැසක් තිබී ඇත.මෙනිසා මේ දක්වා බ්ලුෂින් 21 රොබෝවා භාවිතයෙන් ලබාගත් දත්ත  සියල්ලම පාහේ වැඩකට නොමැති බව ඕස්ට්‍රේලියා රජයද පිළිගෙන තිබේ.

ඕස්ට්‍රේලියා රජය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ බ්ලුෂින් 21 කිමිදුම් රොබෝවාගේ මෙන්ම ඕෂන් ෂීල්ඩ් නෞකාවේ සවිකර තිබුණු එකිනෙකා හා දත්ත හුවමාරු කරගැනීම සදහා වූ උපකරණ වල දෝෂ රැසක් හදුනාගැනීමට හැකිව තිඛෙන බවයි.මෙම දෝෂ හමුවේ රොබෝවා හා නෞකාව අතර නිසි පරිදි සන්නිවේදනයක් සිදුවී නොමැති බවට නිගමනය කළ හැකි යැයි එහි වැඩිදුරටත් දැක්වේ.

ඉක්මනින්ම අදාළ උපකරණ පිළිසකර කොට යළිත් බ්ලුෂින් මෙහෙයුම් සදහා යෙදවීමට ඕස්ට්‍රේලියා රජය කටයුතු කරමින් සිටී.

 අතුරුදන්ව ඇති යානය සදහා වන මෙහෙයුම් වෙනුවෙන් ඩොලර් ලක්ෂ 899 ක (රුපියල් ලක්ෂ 118668)) වෙන් කිරීමට ඕස්ට්‍රේලියා රජය කටයුතු කර තිඛෙන අතර එයින් ඩොලර් ලක්ෂ 100 ක් (රුපියල් ලක්ෂ 13200 )එළැඹෙන ජූනි මාසය වන විට වැය වනු ඇති බවට ඕස්ට්‍රේලියා රජය මත පළ කරයි.

යානය සොයා අරඹා ඇති හා අවසන් කර ඇති මෙහෙයුම් සදහා මේ වන විට අතිවිශාල මුදලක් වැයව ඇතැයි සදහන් වෙද්දී මේ සිදුවීම ඒ සියල්ලම ගගට කැපූ ඉණි මෙන් නිශ්ඵල ව්‍යායාමයක් බවට පත්කර ඇති ලකුණු පෙනේ.

බලධාරීන්ගේ එක් එක් නිවේදනයන් නිසාවෙන් නොනවත්වාම පීඩනයට පත්වෙමින් සිටින්නේ අතුරුදන්වූ යානයේ සිටි 239 දෙනාගේ පවුලේ සාමාජිකයින් හා ඔවුන්ගේ නෑ හිතමිතුරන්ය



අදහස් (0)

‘රොබෝවත් බොරු කාරයෙක්‘

ඉන්දික Thursday, 22 May 2014 03:51 PM

මිතේන් ගෑස් එකට අහුවෙලා ගුවන් යානය පිපිරෙන්න ඇති. බර්මුලා ත්‍රිකෝනයේත් වෙන්නේ ඕකයි. පව් ඒ මිනිස්සුන්ට උනදේ එයාලවත් දන්නැතිව ඇති.(නදී)

:       0       0

දයා Tuesday, 20 May 2014 04:08 PM

අනේ මගේ යාළුවෝ කොහි ගියාදෝ? (ස)

:       0       0

සැම්සන් රියාද් Wednesday, 21 May 2014 02:14 PM

මෙම,අතුරුදහන් වූ යානාව පිළිබඳව නොයෙක් කට කතා තිබේ. ඇමරිකානුවන් මෙය බලෙන් කොහේ හෝ බස්සවා යමක් කළ බවත් සඳහන්ව තිබුණා . සි අයි ඒ සමග බෝයින්ග් සමාගම මෙයට සම්බන්ද බවත්. (ස)

:       0       0

ලසන්ත Tuesday, 20 May 2014 06:14 PM

මේක ලෝකයේ ලොකුම තාක්ෂණය තිබෙන රටවල් හවුල් වෙලා කළ දෙයක් (නි)

:       0       0

සුසන්ත Tuesday, 20 May 2014 06:14 PM

මටත් දුක එහි සිටි මිනිස්සු ගැන (නි)

:       0       0

ලසන්ත Tuesday, 20 May 2014 06:14 PM

මේක හොයන එක බොරු වැඩක්. මෙච්චර දියුණු ලෝකේ ඔයතරම් ලොකු යානයක් කාටත් හොරෙන් අරන් යන්න බැහැ. පව් අසරණ මඟියෝ ටික (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site