IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රුධිරි සෛලයෙන් අනාවැකි කියයි

සරල රුධිර පරික්ෂණයක් මගින් හෘදයාබාධ කලින්ම හඳුනා ගැනීමට හැකි ක්‍රමවේදයක් සොයාගෙන ඇතැයි  කියති. ඔවුන් පවසන්නේ පුද්ගලයෙකුගේ රුධිර සෛල නැරඹීමෙන් හෘදයාබාධ කල්ඇතිව සොයා ගත හැකි බවයි.  

එසේ හදුනාගැනීමෙන් පසු හෘදයාබාධයක් ඇතිවීමට දැඩි අවධානමක්  ඇති පුද්ගලයන්ට ජීවිතාරක්ෂක ඖෂධ ලබා දීමට හැකිවේ. මෙම පර්යේෂණයේ ප්‍රධානි මහාචාර්ය පීටර් ක්හුන් පවසන්නේ හෘදයාබාධයක් ඇතිවීමට හෘදයාබාධවලට අනතුරු දායක තත්ත්වයක සිටින බව කීමට හෝ මීට මොහොතකට පෙර හෘදයාබාධයක් ඇතිවූ බව කීමට හෝ ක්‍රමවේද රාශියක් ඇතත් ඉදිරි සති තුනේ දී හෘදයාබාධයක් ඇතිවිය හැකියැයි කීමට මෙතෙක් කිසිදු ක්‍රමයක් නොතිබූ බවයි.

එක්සත් රාජධානියේ මරණ වලට ප්‍රධාන හේතුව හෘදයාබාධ වන අතර සෑම මිනිත්තු හතකටම වරක් එහි එක් අයෙක් මියයයි. එයින් තුනෙන් එක් අයෙක් හෘදයාබාධයක් සඳහා රෝහලට රැගෙන යාමට පෙර මියයයි. මෙම පරික්ෂණය කැලිෆොර්නියාවේ ස්ක්‍රිප් පර්යේෂණ ආයතනය මගින් සිදුකැර තිබේ. රුධිර කැටි මගින් හෘදයට රුධිරය සපයන කිරීටක ධමනියට බාධා කරන අතර එය හෘදයාබාධයකට හේතුවේ. මේ ආකාරයට එක්සත් රාජධානියේ වාර්ෂිකව 100,000කට වඩා වැඩි පිරිසක් හෘදයාබාධවලට ලක්වෙති. කැලිෆෝනියා පර්යේෂකයන් රුධිරයේ ඇති  සීඊසී ප්‍රමාණය ගණනය කරයි. එමගින් මෑතකදී හෘදයාබාධ ඇතිවූ මිනිසුන් පිලිබඳව ද සොයාගත හැකිය. හෞතික ජීවවිද්‍යා සඟරාවට මෙම පර්යේෂකයන් පවසා ඇත්තේ මෙම වැදගත් අධ්‍යනය මගින් හෘදයාබාධවලට ලක්විය හැකි රෝගීන් වෙන්කර ගතහැකි බවයි. තවද මෙම අධ්‍යනය මගින් රුධිර ධාරාවේ ඇති සීඊසි ප්‍රමාණය සොයා බැලීමෙන් පසු  හෘදයාබාධයකට ඉතාමත් ආසන්න තත්වයන් ගැන අනාවැකි කිය හැකිය. හෘදයාබාධයක් ඇතිවීමට මුලික වන රුධිර කැටියක් ඇතිවීම පිලිබදව ද  දින කිහිපයකට පෙර සොයා ගැනීමට හැකිවිම විශේෂත්වයකි. එලෙස සොයා ගත් රෝගීන්ට රුධිරය තුනීවන සහ ධමනි ප්‍රසාරණය වන ඖෂධ ලබාදී හෘදයාබාධ වැළැක්විය හැකිවේ. බ්‍රිතාන්‍ය හෘද පදනමේ වෛද්‍ය මයික් නැප්ටන් පවසන්නේ මෙම විද්‍යාඥයන් සොයාගත් සීඊසී සෛල නිරෝගි පුද්ගලයින්ගේ හමුනොවන බවයි. ඒ අනුව සීඊසි සෛල නිරීක්ෂණය හෘදයාබාධ හඳුනා ගැනීමට හැකි අළුත්ම ක්‍රමයයි.

 



අදහස් (0)

රුධිරි සෛලයෙන් අනාවැකි කියයි

කුමාර් Sunday, 19 January 2014 05:53 PM

බණ්ඩා, මහත්තයෝ හැම එකම බටහිර රටවල් කිය කියා අහක දාන්න එපා, හොඳදේ ගන්න, නිෂ්පල දේ අහක දමන්න. බටහිරයෝ නැතිනම් තාම ලංකාවේ ස්ත්‍රීන්ට උඩුකය වහගන්න ඇඳුමක් වත් තිබිල නැහැනේ. (නදී)

:       0       0

දිලීප් Sunday, 19 January 2014 06:48 PM

නියමයිනේ? (නදී)

:       0       0

බණ්ඩා Saturday, 18 January 2014 07:10 PM

මේක හොයාගෙන තියෙන්නේ බටහිර රටවල් නිසා අපි මේක පිලි නොගෙන ඉදිමු.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 18 January 2014 08:19 PM

සමන්ත, දොස්තරලට තරවෙන්න අවස්ථාවක්.(නදී)

:       0       0

සුජිත් Sunday, 19 January 2014 11:26 AM

ඇත්තටම හොඳ දෙයක්. ගොඩක් වටිනා සොයා ගැනීමක්. මේකේ වටිනාකම තේරෙන්නේ හදවත් රෝග වලට මුහුණ දුන්න කෙනෙකුට. ඉක්මනට මේක අපේ රටටත් එනවා නම් ගොඩක් වටීවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 100 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site