IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රතු හැකරා යැංකි සිනමාවට ගහයි

සිනමා ලොව දැවැන්තයෙකු වන ඇමරිකාවේ සෝනි පික්චර්ස් සමාගමට පසුගියදා එල්ලවූ හැකර් ප්‍රහාරය පසුපස සිටින්නේ උතුරු කොරියාව බව ඇමරිකා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

හැකර් ප්‍රහාරයෙන් සෝනි පික්චර්ස් සමාගමේ ප්‍රධාන විධායකයින් ඔවුන් එකිනෙකා අතර හුවමාරු කරගත් අතිශය පෞද්ගලික තොරතුරු හා රහස් ඇතුළත් විද්‍යුත් ලිපි රැසක් අන්තර්ජාලයට නිදහස් කෙරුණු අතර ඉන් සෝනි පික්චර්ස් සමාගම පත්වූයේ අසීරු තත්ත්වයකටය.

එම ලිපිවල සෝනි සමාගමේ විධායකයින් නළු නිළියන් ගැන සිතන අන්දමද,වත්මන් ඇමරිකා ජනපතිවරයා කළු ජාතිකයෙකු වීම පිළිඹදවද,නොයෙකුත් සිනමා ලොව ඕපාදූපයන් ආදී දේ රැසක් සදහන්ව තිබුණි.

සෝනි සමාගමේ වර්ගවාදී, ජාතිවාදී, ඒකපාක්ෂික මුහුණුවර මේ ලිපිවලින් හොඳීන්ම අනාවරණය වන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා වල දැක්වුණි.

උතුරු කොරියාව මේ හැකර් ප්‍රහාරය සිදුකරන්නට ඇත්තේ නුදුරේදීම එළිදැක්වීමට නියමිත ‘ද ඉන්ටර්වීව්‘ නම් චිත්‍රපටයක් මුල්කරගෙන බවට සැකකෙරේ.එම චිත්‍රපටයේ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් ඝාතනය කිරීමට නියෝජිතයින් දෙදෙනෙකු සිදුකරන මෙහෙයුමක් හාස්‍යෝත්පාදක ලෙස නිර්මාණය කර තිබෙන බව සදහන්ය.

මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළහොත් ඇමරිකා ධවල මන්දිරයට බෝම්බ හෙළන්නේ යැයිද,චිත්‍රපටශාලා පුපුරුවා හරින්නේ යැයිද යැයි උතුරු කොරියාවෙන් තර්ජන එල්ලවීද තිබේ.

නමුත් ඇමරිකා ජාතික බැරක් ඔබාමා චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලබාදී ඇති අතර ඒ අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇත.

ඇමරිකා පාලන තන්ත්‍රය හැකර් ප්‍රහාරය උතුරු කොරියාවේ සෙල්ලමක් ලෙස හදුන්වාදී තිබෙන අතර එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැළකිය නොයුතු යැයි මතයක සිටී.නමුත් උතුරු කොරියාවේ ප්‍රකාශයන් හමුවේ එරට නැවත වරක් ත්‍රස්ත කටයුතු වලට ආධාර ලබාදෙන රටක් ලෙස වර්ග කිරීම සම්බන්ධයෙන් ඇමරිකා ආරක්ෂක විශේෂඥයින්ගේ අවධානය යොමුව තිබේ.

23FE98FF00000578-2882848-Actress_Angelina_Jolie_was_also_ripped_in_some_of_the_email_exch-m-1093_1419199921730 242CF96300000578-0-image-a-1078_1419193441855 2420B8A200000578-0-Sony_cancelled_The_Interview_s_slated_December_25_release_last_w-m-1083_1419193508486



අදහස් (0)

රතු හැකරා යැංකි සිනමාවට ගහයි

මෙරිල් බාලසුරිය Friday, 26 December 2014 08:59 AM

සිතල යුද්ධයේ එක පියවරක්, සෝවියට් දේශය තිබු කාලයේ එයට විරුද්ධව තැනූ බොහෝ චිත්‍රපට සහ ප්‍රකාශ වලින් කළෙත් ඔහොමය (බ)

:       0       0

මොරිස් Monday, 22 December 2014 08:35 PM

මේ ගැන කිසිම තැනක උතුරු කොරියාව පිළිගෙන නැහැ. එහෙම කිරීමට ඔවුන්ට හැකියාව තිබෙනවා නම් කොරියානුවන් පරිගණක තාක්ෂනය අතින් ඉතාම ඉහල මට්ටමක ඉන්නවා වෙන්න පුළුවන්. (නදී)

:       0       0

උපාලි Wednesday, 24 December 2014 12:14 AM

මේක උතුරු කොරියාවට එරෙහි ඇමෙරිකානු මෙහෙයුමේ තවත් එක් පියවරක් පමණයි කියලයි මම හිතන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 441 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site