IMG-LOGO

රටේ ධන උත්පාදනය පහත වැටිලා - ඉම්රාන් ඛාන්

රටේ නිලධාරී තන්ත්‍රයේ වැටුප් සහ ධනය නිර්මාණය කිරීමේ ව්‍යුහය වැඩි විය යුතු යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (18) ප්‍රකාශ කළේය.

මීට දශක ගණනකට පෙර කොමසාරිස්වරුන් සහ බිග්‍රේඩියවරුන් ශක්තිමත් වැටුපක් ලැබූ බවත් පාකිස්තාන අගමැතිවරයා කීවේය.

පාකිස්තානයේ වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කරන උත්සවයක් අමතමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම කරුණු කීවේය. 

“වසර 1935 දී කොමසාරිස්වරුන් සහ බිග්‍රේඩියවරුන් හොඳ වැටුපක් ලැබුවා. ඔවුන්ගේ වැටුපෙන් රත්තරං ග්‍රෑම් 820කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගන්න හැකියාව ලැබුණා” යැයි අගමැති ඉම්රාන් ඛාන් කීවේය. 

රට තුළ ධනය උත්පාදනය වීම ක්‍රමයෙන් පහළ වැටීම නිසා නිලධාරී තන්ත්‍රයේ වැටුප් ද ක්‍රමයෙන් පහත වැටී ඇතැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කීය. 

රටේ පවතින වත්මන් ආර්ථික දුෂ්කරතාවලට පෙර පැවැති ආණ්ඩු වගකිව යුතු යැයි ද පසුගිය ආණ්ඩුව ධනය ඉපැයීම සඳහා කිසිවක් නොකළ බව ද ඉම්රාන් ඛාන් කීය. රට තුළ මුදල් ඉපැයීම වැරැදි යැයි මතයක් නිර්මාණය වී ඇතැයි ද රටේ පවතින ඛේදනීය ආර්ථික තත්ත්වයට එය හේතුවක් යැයි ද ඉම්රාන් ඛාන් කීවේය.  

ඉදිරියේදී රට තුළ ආයෝජකයන්ට සහ ව්‍යාපාරිකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරන බවට ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එම උත්සවයේදී පොරොන්දු දුන්නේය. 

'ද ඩෝන්' පුවත්පත ඇසුරිනි

055



අදහස් (0)

රටේ ධන උත්පාදනය පහත වැටිලා - ඉම්රාන් ඛාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1762 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 573 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 667 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site