IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රජ පවුල එකම මේසයේ

ලන්ඩනයේ බකින්ග්හැම් මාලිගය ඉදිරිපිට කලබලයකි. වාහන පෙළක් නවත්වා ඇත. ඒවායේ සිටින්නේ බ්‍රිතාන්‍යයේ කොයිකවුරුත් හොදින්ම හදුනන රජපවුලේ සාමාජිකයෝය. නමුත් දොරටුවේ සිටින පොලිස් නිළධාරියාට ඔවුන් පිළිඹද මතකයක් නැති සෙයකි.ඔහු තම අතේ ඇති කොළ ගොන්නක් පෙරළමින් මොන මොනවාදෝ සොයයි.අවසානයේ හිස වනා මාළිගයට පිවිසීමට අවසර දේ.

මේ සෑම වසරක දෙකකටම වරක් නත්තලට පෙර බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සියලූ දෙනා එකට එක්වන සාදය පැවැත්වෙන දිනයයි. රජ පවුලේ සාමාජිකයින් වුවත් ඔවුනට ආරක්ෂක පියවර මගහැර යා නොහැකි සෙයකි.

දොරටුවේ සිටි පොලිස් නිළධාරීන්ට සපයා තිබුණේ පැමිණීමට නියමිත රාජකීයයන්ගේ ඡායාරූපයන් හා තොරතුරු ඇතුළත් ලිපිගොනුය. රාජකීයයෙක් මාළිගයට ඇතුල් කර ගැනීමට ප්‍රථම මුහුණුවරේ සිට ඔහුගේ හෝ ඇයගේ සියලූම තොරතුරු වතගොත පිරික්සා බැලීම මෙම පොලිස් නිළධාරීන්ගේ වගකීම විය.

එය සමාජශාලාවක දොරටුවේ සිටින ආරක්ෂකයන් සමාජශාලාවට ඇතුලූවන්නන් පරීක්ෂා කරනු වැන්නක් වුනි.

නත්තලට පෙර බ්‍රිතාන්‍යයේ රජපවුලේ සාමාජිකයින් එකට එකතු වීම වසර දෙකකට වරක් සිදුකෙරෙන්නෙකි.එකම මේසයක වට වන ඔවුහු රාතිී්‍ර භෝජන සංග්‍රහයට සහභාගී වෙති.

ඇතැම් රාජකීයයන් තම තමන්ගේ තත්ත්වය පෙන්වීමට මිල අධික යාන වාහන වලින් පැමිණියද ඇතැමුන් තමන්ම පැදවූ සරල හා චාම් රථවාහන වලින්ද පැමිණ සිටිනු දැකගත හැකි විය.

විලියම් කුමරු හා ඔහුගේ ආර්යාව වන කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කැතරින්,චාර්ල්ස් කුමරු හා ඔහුගේ ආර්යාව වන කෝර්න්වෝල්හි ආදිපාදවරිය වන කැමිලා පැමිණ සිටි රාජකීයයන් අතරින් කැපී පෙනුනි.



අදහස් (0)

රජ පවුල එකම මේසයේ

තිලා Monday, 23 December 2013 08:32 AM

ලෝකේ වටෙන් කොල්ල කාලා අවරුදු දෙකකට සැරයක් නෙවෙයි හැමදාම වුනත් පාටි දාන්න බැරිකමක් නෑ .(නදී)

:       0       0

අසෝකා Friday, 20 December 2013 07:02 PM

මේගොල්ලෝ ලංකාවෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නැද්ද? ලංකාවේ වැඩිය නෙමෙයි ප්‍රාදේශීය සභාපති කෙනෙක්ගේ පවුලේ කෙනෙකුට හරි ඔහොම කලානම් ආරක්ෂකයන්ට යන්න වෙන්නේ මොලොව අතහැර තමයි. (අ)

:       0       0

අසෝකා Friday, 20 December 2013 07:04 PM

මේවා අපිට හොද පාඩම්! දැක්කද පිරුණු කලේ දිය නොසැලේ ! අඩු කලේ තමයි නිතරම හෙල්ලෙන්නේ! (අ)

:       0       0

සුමංගල ඇල්පිටිය Saturday, 21 December 2013 03:29 PM

මගේ දෙයියෝ !මෙහේ උනානම් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site