IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රාජ්‍ය පෙරළන්න කුමන්ත්‍රණ නිර්මාණය කරලා

විවිධ රටවල රාජ්‍ය පෙරැළි සදහා ඇමෙරිකාව කළ කුමන්ත්‍රණවලට තමන් ද තම දායකත්වය ලබා දුන් බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් පවසා තිබේ.

ජෝන් බෝල්ටන් මේ බව පවසා ඇත්තේ ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවයේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ජෝන් බෝල්ටන් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළේ 2018 සිට 2019 තෙක් කාලයේය.

තමන් කුමන්ත්‍රණ කිරීමට සහාය දක්වා පෙරළා දැමුවේ කුමන රාජ්‍ය පාලනයන්දැයි ජෝන් බෝල්ටන් සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කළේ නැත.

2021 ජනවාරි 6 වැනිදා ට්‍රම්ප් ආධාරකරුවන් වොෂින්ටන්යේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී පහරදීම සම්බන්ධයෙන් ද සී.එන්.එන්. මාධ්‍යවේදී ජේක් ටැපර් ජෝන් බෝල්ටන්ගෙන් විමසීමක් කළේය.

කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී පහරදීම  සදහා ට්‍රම්ප් සියට ආධාරකරුවන් උසි ගැන්වූයේ, ඔහුගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් යැයි බෝල්ටන් පැහැදිලි කළේය.

එය, ජනාධිපතිවරණය පරාජය වුවත් දිගටම බලයේ සිටීමට ට්‍රම්ප් ගත් අසාර්ථක උත්සාහයක් යැයි ද බෝල්ටන් වැඩි දුරටත් පැවැසුවේය.

(සී.එන්.එන්.)



අදහස් (0)

රාජ්‍ය පෙරළන්න කුමන්ත්‍රණ නිර්මාණය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site