IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රැජිනට සමු දෙන්න ඩේවිඩ් බෙකම් පැය 13 ක් පෝලිමේ

එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය. ඒ පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳී සිටීමෙන් පසුවය.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය මහජන ගෞරවයට තබා ඇත්තේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේය. දේහයට ගෞරව දැක්වීමට පැමිණෙන පිරිස් හේතුවෙන් කිලෝ මීටර් ගණනක් දුරට පෝලිම් දකින්න ලැබේ. දස දහස් ගණනක් අව්ව වැස්ස නොතකා පෝලිම්වල සිටින බව වාර්තා වේ.

එලිසබත් මහ රැජිනට ගෞරව දැක්වීමේ දී 47 හැවිරිදි සුපිරි පා පන්දු තරුව සංවේදී වූ බව ද පැවැසෙයි. 'එතුමට මා ආදරෙයි. ඒක ඇත්තට සංවේදී අවස්ථාවක්' යැයි වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටවෙද්දී බෙකම් මාධ්‍ය හමුවේ පැවැසීය.

(රොයිටර්)



අදහස් (12)

රැජිනට සමු දෙන්න ඩේවිඩ් බෙකම් පැය 13 ක් පෝලිමේ

pakeer Saturday, 17 September 2022 02:42 PM

මොන තරම් ශ්‍රේෂ්ඨ ජාතියක්ද? පෝලිමේ පැය 13ක්... සුපිරි තරුවක්.. අපේ අය නම් ඉඳීද පෝලිමේ...?

:       5       84

PereraSunday, 18 September 2022 07:13 AM

අපේ අයගේ මහන්තත්ව කමයි ලොකුවට තියෙන්නේ. ඒ අයගේ නිහතමානිකම ලොකුවට තියෙන්නේ.. ඔන්න ඕකයි වෙනස..!

:       0       23

de silva Saturday, 17 September 2022 03:25 PM

අපේ හැම තරුවක්ම නරක නැහැ.., සංගක්කාර රියදුරු බලපත්‍රය අලුත් කරන්න පැයක්, දෙකක් පෝලිමේ හිටියා. අනිත් තරු රියදුරු බලපත්‍ර අලුත් කරගත්තේ කොහොමද කියලා කියන්න මම හරියට දන්නේ...

:       0       61

Sugath perera Sunday, 18 September 2022 07:31 AM

එයා මිනිස්සුන්ට එහෙම පේන්න ඉන්නවා. ලොකු තැන් එක්ක ඩීල් දාගෙන කරපු, කරන වංචා එළියට එන එක වහගන්න.

:       8       8

de silva Saturday, 17 September 2022 04:20 PM

මම හරියට දන්නේ නැහැ..

:       8       9

BamunuarachchiSunday, 18 September 2022 06:52 AM

ඔබේ කමෙන්ට්ස් කියවපු මම ඒබව කලින්ම දැනගෙන සිටියා .

:       6       2

සෙනරත් Sunday, 18 September 2022 05:03 AM

හයියෝ මේ විසි එක්වෙනි ශතවර්.ශය නේද ....සුද්දෝ කියලා නෑ අම්බරුවෝ ලෝකෙ හැමැතැනම

:       7       4

Bamunuarachchi Sunday, 18 September 2022 06:50 AM

ඔබ විතරක් නොවෙයි මමත් ආදරෙයි. විශේෂයෙන් අපිව වඩුග රාජ පරම්පරාවෙන් බේරා ගැනීම නිසා.

:       13       1

MAHA NILAMESunday, 18 September 2022 12:15 PM

බමුණු, මම 100% ක් ඔයාගෙ අදහස එක්ක හිටගන්නවා. ඒ වුනාට අර ජෝන් ඩොයිලි කියන පාලකයා තමයි අපේ රටට බෙිබද්දො පුරැදු කෙරෙවිවෙ.

:       5       4

prachanda Sunday, 18 September 2022 12:02 PM

හොඳ ක්‍රීඩකයෙක් උනත් මෝඩයෙක් බවයි පෙනෙන්නේ

:       10       4

Prase Sunday, 18 September 2022 12:48 PM

ලංකාවේ නම් මම ඇමැතිගේ පුතා, අධ්‍යක්ෂක බිරිඳ, අර පොලිස් ලොක්කා, කොටි පැටියෙක් කියලා පෝලිම කඩාගෙන ගිහින් මිනිස්සුන්ට පාට් දාලා බලලා යයි.

:       1       7

පුටින් Sunday, 18 September 2022 12:55 PM

රුසියාවේ හිටපු ජනාධිපති මැරුණු අවස්ථාවේ වත්මන් ජනාධිපති කළ දේ මතක් වුණා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 489 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site