ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙන ආ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු සහ රජ පවුලේ සාමාජිකයන් විසින් බාරගනු ලැබූ අතර, මේ වනවිට එය මහජන ගෞරවය සඳහා බකිංහැම් මාලිගයේ තැන්පත් කර තිබේ.
දේහය රිය පෙරහරකින්, බකිංහැම් මාලිගය වෙත රැගෙන එද්දී මහ වැසි ඇද හැලෙන්න විය. වැස්සෙන් බාධා වුවත්, දස දහස් ගණනක් දෙනා වීදි දෙපස රැස්වෙමින් මහ රැජිනට සොව පළ කළහ.
එලිසබත් මහ රැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී සිදුවෙයි.
96 හැවිරිදි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වූයේ පසුගිය 8 වැනිදාය. ඒ වනවිට අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇය බකිංහැම් මාලිගයෙන් බැහැර වී, ස්කොට්ලන්තයේ ඇයට අයත් බැල්මොරාල් මාලිගයේ ජීවත් වූවාය.
මහ රැජිනගේ දේහය පළමුවෙන් බැල්මොරාල් මාලිගයේ සිට ස්කොට්ලන්තයේ එඩින්බරෝ අගනුවර ශාන්ත ගිලිස් දෙව්මැදුරට ගෙන ඒම සිදුවිය. ඒ පැය 6 ක ගමනකින් පසුවය. ශාන්ත ගිලිස් දෙව්මැදුරේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණු අතර එය ලන්ඩන් අගනුවරට ගෙන ඒම සිදුවූයේ ඒ අනුවය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රැජිනගේ දේහය බකිංහැම් මාලිගයට