
වසර 50 කට පසු යළි සඳ තරණය ආරම්භ කිරීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනය අධි බලැති රොකට්ටුවක් උඩු ගුවනට යැවීමට සූදානමින් සිටින නමුත් දෙවැනි වතාවටත් ඊට බාධා එල්ල විය.
පසුගිය අගෝස්තු 29 වැනිදා පළමු ගමන අසාර්ථක වීමෙන් පසු රොකට්ටුව දෙවැනි වර ගුවන්ගත වීමට නියමිතව තිබුණේ ඊයේ (3) ය. කෙසේ නමුත් එය ද අවලංගු කිරීමට නාසා බලධාරීන්ට සිදුවිය. ඒ, ඉන්ධන කාන්දුවක් හේතුවෙනි. පසුගිය 29 වැනිදා රොකට් ගමන අවලංගු කෙරුණේ රොකට්ටුවේ එක් ඇන්ජිමක සිදුවුණු හයිඩ්‍රජන් කාන්දුවක් සැලකිල්ලට ගනිමිනි.
නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සියයට 100 ක් සියලු දෝෂ නිවැරදි කර ගැනීමෙන් පසු, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්’ නමැති රොකට්ටුව ගුවන්ගත කරන බවය.
වසර 50 කට පසු ඇමෙරිකාවේ නාසා ආයතනය සඳ තරණයට සූදානම් වන්නේ ‘ආර්ටමිස්’ චන්ද්‍ර මෙහෙයුම් ආරම්භ කරමිනි. ‘ස්පේස් ලොන්ච් සිස්ටම්’ රොකට්ටුව ගුවන්ගත කෙරෙන්නේ ‘ආර්ටමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමිනි.
‘ආර්ටමිස් 1’ පුහුණු මෙහෙයුමක් ලෙස සැලෙකන අතර, මේ මෙහෙයුමට ගගනගාමීන් යොදා ගැනෙන්නේ නැත. රොකට්ටුව පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී පෘථිවි කක්ෂයට ගිය පසු, රොකට්ටුවේ ඉහළින් ඊට සම්බන්ධ කර ඇති ‘ඔරායන්’ යානය අභ්‍යවකාශයට මුදා හැරේ. සඳ බලා යන්නේ මෙම යානයයි.
‘ඔරායන්’ යානය සඳ වෙත ගොස් සඳ වටා වටයක් කැරැකී ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. යානය යළි පෘථිවියට පතිත වීම සිදුවනු ඇත්තේ යෝධ පැරෂූට් ආධාරයෙනි. ‘ආර්ටමිස් 1’ පුහුණු මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වන්නේ ‘ස්පේස් ලොන්ච් සිස්ටම්’ රොකට්ටුව සහ ‘ඔරායන්’ යානය ගගනගාමීන්ට ආරක්ෂිතදැයි සොයා බැලීමය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රොකට්ටුව දැන්ම ගුවන්ගත වෙන්නේ නෑ