යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් දර් ලින්, යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය. උර්සුලා වොන් දර් ලින් කීව් අගනුවර බලා පැමිණියේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.
යුක්රේනය දිගින් දිගටම ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටි නමුත් එ් සඳහා අවස්ථාවක් නොලැබෙන බව පෙනී යන බැවින්, යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත.
යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් දර් ලින් විශේෂ ආරක්ෂාවක් යටතේ කීව් අගනුවර බලා පැමිණියේ ඒ අනුවය. ‘නේටෝ’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ යනු යුද සංවිධානයකි. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ගැණුනේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටු දැකීමේ අරමුණින්ය.
අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් වී, පසුව වෙන් වුණු යුක්රේනය රුසියාවේ සමීපතම අසල්වැසියාය. යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ මේ නිසාය.
යුරෝපා සංගමය යුදමය සංවිධානයක් නොවන අතර, යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීම සම්බන්ධයෙන් එම සංගමයේ සාමාජිකයන් උනන්දුවක් දක්වන බව වාර්තා වේ. කෙසේ නමුත් එම කටයුතු සම්පූර්ණ වීමට වසර ගණනක් ගතවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
උර්සුලා වොන් දර් ලින්, යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි. රුසියන් හමුදා ආක්‍රමණය හමුවේ, යුක්රේන වැසියන් පීඩාවට පත්වී සිටින ආකාරය තමන්ට දකින්න ලැබුණු බව උර්සුලා වොන් දර් ලින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවෙමින් පැවැසුවාය.
(රොයිටර්)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යුරෝපා සංගමයේ ප්‍රධානියා යුක්රේනයේ