ලක්සම්බර්ග්හිදීය (රොයිටර්ස්)
යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගන්නා ලද තීරණය බ්‍රිතාන්‍යයට තනිවම වෙනස් කළ හැකි යැයි එම සංගමයේ ඉහළ අධිකරණය අද (10) තීන්දු කළේය.
“යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා ගන්නා ලද තීරණය එක්සත් රාජධානියට ඒකමතිකව අවලංගු කළ හැක” යනුවෙන් යුරෝපා සංගම් අධිකරණය තීන්දු කළේය.
අනෙක් රටවල් උපෙදස් නොමැතිව බ්‍රිතාන්‍යයට එම තීරණය වෙනස් කළ හැකි බව යුරෝපා සංගම් අධිකරණය දන්වා සිටි අතර මේ අනුව එම තීරණය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට විරුද්ධ වූ පිරිසගේ දැඩි සතුටට හේතු වී තිබේ.
යුරෝපා සංගමයේදී අනුමත වූ ගිවිසුම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වීමට දිනක් තිබියදී යුරෝපා සංගමයේ ඉහළ අධිකරණය එම තීන්දුව දුන්නේය.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීම පිළිබඳව එම සංගමයට ගිවිසුමක් ඉදිරිපත් කෙරුණු අතර එය අනුමත විය. බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල අනෙකුත් නායකයන් අතර එම ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගන්නා ලදි.
ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී හෙට විවාදයක් සහ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත අතර තෙරේසා මේ එය පරාජයට පත්වනු ඇතැයි වාර්තා පළවිය.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය වෙනස් කළ හැකියි