කොටි සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කිරීම තමන් දැඩි සේ සැළකිල්ලට ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
තහනම ඉවත් කිරීම හෝ නොකිරීම යුරෝපා සංගමයට අයත් දෙයක් බව පිළිගන්නා ශ්‍රී ලංකා රජය තත්ත්වය එසේ වුවත් රටක ස්වෛරීභාවය මහත් ඉහළින් සළකන යුරෝපා නීති පද්ධතිය ඉදිරියේදී මේ ගත් තීරණයේ අඩුපාඩුවක් දුටුවහොත් වහා අවැසි පියවර ගනු ඇතැයි දැඩිව විශ්වාස කරන බව එම නිවේදනයේ දැක්වේ.
2006 වසරේ මැයි මාසයේදී යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කළ අතර යුරෝපයට අමතරව ඇමරිකාව, ඉන්දියාව, කැනඩාව, එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව කොටි සංවිධානය තහනම් කර ඇති අනෙක් රටවල් වේ.
තහනම ඉවත් කෙරුණද කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යුරෝපා සංගමයට තොරතුරු සැපයීමටත්, සංගමය සිදුකරන පරීක්ෂණයන්ට සහය දැක්වීමටත් රජය කටයුතු කරනු ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.
කොටි තහනම ඉවත් කෙරුණු පසු යුරෝපයේ ජීවත් වන සාමකාමිී දෙමළ ජනතාවට හා ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති යුරෝපයේ වැසියන්ට කොටි ක්‍රියාකාරීන්ගෙන් පීඩා පැමිණෙනු ඇත්දැයි රජය විමසිල්ලෙන් සිටින බවද එහි වැඩිදුරටත් සඳහන්ය.
2025 නොවැම්බර් මස 04
415
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2187
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපා තීරණයට ලංකාවේ කණස්සල්ල
නිශාන්ත ඩබ්ලිව්.ජි Friday, 17 October 2014 09:09 AM
යුරෝපා සංගමයට අවශ්‍ය මේ රටට එයාල අවශ්‍ය ආකාරයේ නායකයෙක් පත් කරගෙන දෙකට තුනට කඩන්න. ඉදිරි ජනාධිපතිවරණයෙදී ජනතාව බුද්ධිමත්ව රට ගැන හිතලා ජන්දය භාවිතා කිරීම තුලින් මෙයාලගේ ප්‍රයත්න වැලකේවී. (ස)
රූපවතී Friday, 17 October 2014 09:10 AM
මේ රටේ ඉන්න බලවතුන්ට තම රට ඇතුලේ හරියට නීතිය ක්‍රියා කරවන්න බැරි තත්වයකට වැඩ කරනකොට ලෝකය නීතිය කරවලා පෙන්වයි. ඒ කේ පහර වදින්නේ පොඩි මිනිහට සහ අනාගත නුපන් පර පුරට. දේශපාලකයාට රටට හෙන ගැහිලා ගියත් එයාට වැඩක් නැහැ. (නදී)
නලින් Monday, 20 October 2014 03:28 AM
මේ ගොල්ලෝ මැදපෙරදිග ,රටවල් විනාශ කරනවා වගේ අපේ රටත් බලල් අත් පාවිච්චි කරලා විනාශ කරන්න හදන්නේ. (ස)
සේන Saturday, 18 October 2014 01:19 PM
මේක බරපතල රාජ්‍ය තාන්ත්‍රික පරාජයක්. පාලකයෝ කොහේ හරි රටකට යන්න යයි. රටේ ජීවත් වෙන අපිට බරපතල වන්දි ගෙවන්න සිද්ද වෙයි. (නදී)
යහම්පත් Friday, 17 October 2014 03:08 PM
එහෙම කියන්න එපා රූපවති නැන්දේ. අපේ ජනාධිපති ඉන්න කම් රට කොටියට බිලි ගන්න බැහැ. එයා ගියොත් එ්ක වේවි (නදී)
ඉසුරන්දි Sunday, 19 October 2014 08:48 AM
යුරෝපා සංගමේ තමයි ත්‍රස්තවාදය වපුරන්නේ. දැන් පේනවා නේද මුස්ලිම් අන්තවාදීන්ගෙන් යුරෝපය ඇතුළු රටවල් ගණනාවකට අනතුරු අගවලා පහර දෙන බවට. නයි රෙද්ද අස්සේ දා ගත්තම පස්සට විදවන්නෙත් එයාලම තමයි. (නදී)
නිරාන් සෞදි Sunday, 19 October 2014 08:55 AM
මේ දෙය වෙන්න ඉස්සෙල්ලා අාපු ලිපිවලට ආණ්ඩුව හරියට උත්තර දුන්නා නම් මේක වෙන්නේ නැහැ (නදී)
එරංග Saturday, 18 October 2014 10:12 PM
ඇත්තටම අපිටත් කණගාටුයි (නි)
භක්ති Sunday, 19 October 2014 10:20 PM
යුරෝපා සංගමය වැඩිකල් යන්න පෙර කොටින්ගේ හැටි තේරුම් ගනීවි .එදාට පසුතැවිලි වේවි. (නි)
ශ්‍රී ලාල් Friday, 17 October 2014 08:56 PM
කනස්සල්ල නොවේ විරෝධය නොභියව ප්‍රකාශ කල යුතුයි. (නදී)
මෙනා Friday, 17 October 2014 08:46 AM
මේකට සම්පුර්ණයෙන් වගකියන්න ඕන අර මන්ත්‍රී ! (ස)