දේශපාලන ආරක්ෂක සේවාව පුළුල් කරමින් සේවක ගිණුම් ආරක්ෂා කිරීම පිළිබඳ අවදානය යොමු කර ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.
ඒ අනුව ජර්මනිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඇතුළු යුරෝපයේ නව වෙළඳපලවල් 12 ක් සඳහා සිය සයිබර් ආරක්ෂණ සේවාව පිරිනමනු ඇත.
දේශපාලන අවකාශයට අනවසරයෙන් ඇතුළු වන්නන්ගෙන් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් සමාගම මෙම තීරණය ගෙන ඇත.
2018 සැප්තැම්බර් හා දෙසැම්බර් මාසයේ සිදුවූ සයිබර් ප්‍රහාරයක් පිළිබඳ සමාගම මෑතකදී හදුනාගෙන ඇති අතර බෙල්ජියමේ සේවක ගිණුම් 104 ක් ඉලක්ක ගනිමින් එම ප්‍රහාරය එල්ල කර ඇති බව අනාවරණය වී ඇත.
අස්වීඩනය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ෆින්ලන්තය, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෘතුගාලය සහ ස්ලෝවැකියාව වැනි රටවල්ද මෙම සයිබර් ආරක්ෂක සේවාව ලබා ගනු ඇත.
මයික්‍රොසොෆ්ට් සමාගම මැයි මාසයේදී තීරණාත්මක යුරෝපා පාර්ලිමේන්තුවේ මැතිවරණයකට පෙර වැදගත් දත්ත ආරක්ෂා කිරීමට උත්සාහ කරන බව වාර්තා වේ.
මෙම තීරණය යුරෝපයේ විශාලතම ආර්ථිකයේ ද අවදානමක් ඇති විය හැකි බවට විවේචන එල්ල වී ඇත.
63226
(රොයිටර් ඇසුරෙනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
යුරෝපීය රටවල් 12 ක දේශපාලන ආරක්ෂක සේවාව පුළුල් කරයි